අහමඞ් මෂුඞ්තලේබාන්වරුන්ට එරෙහිව සටනට සූදානම් වෙයි

417

හිටපු යුද නායක අහමඞ් ශා මෂුඞ් ගේ පුත් අහමඞ් මෂුඞ් යටතේ තලේබාන්වරුන්ට විරුද්ධව වෙනම සටන් පෙරමුණක් සංවිධානය වී ඇත.

 සිය නිදහස වෙනුවෙන් දහස් ගණන් ජනතාව තමන් සමග එක්වී සටන් කිරීමට සූදානම් බව මෙම තලේබාන් විරෝධී කණ්ඩායම පවසා තිබේ. ඇෆ්ගනිස්තාන ජාතික විරෝධතා පෙරමුණ ලෙස මෙම කණ්ඩායම හඳුන්වා ඇත. මේ වනවිට ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නයේ බලය මෙම කණ්ඩායම සතුව පවතී. එහි විදේශ සබඳතා ප‍්‍රධානී අලි නසාරි පවසන්නේ තලෙබාන් සංවිධානය සමග සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන නමුත් එම සාකච්ඡුා අසාර්ථක වුවහොත් සටන් කිරීමට සූදානම් බවය. කෙසේ වෙතත් තලෙබාන් සංවිධානය පවසන්නේ පන්ජ්ෂීර් නිම්නය සිය සාමාජිකයන් මේ වනවිටත් වටලා ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment