අහම් ෂර්මාත් එක්ක රඟපෑවා – රශිප්‍රබා

149

පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍යවල සහ වෙබ් අඩවිවල ඇගේ ඡායාරූපයක් දැක ඇයට ජාත්‍යන්තරයෙන් ඇරයුම් ලැබුණ විස්තරයක් පළවුණා. ඇය වෙන කවුරුවත් නෙවෙයි අපේ රටේ නව පරපුරේ දක්ෂ, සුරූපී රංගන ශිල්පිනියක්. නමින් රශිප්‍රබා සංදීපනී. එතකොට ඇත්තටම මේ රශිප්‍රබා ජාත්‍යන්තරයට ගියේ කොහොමද කියන කතාවේ ඇත්ත නැත්ත සොයන්නේ නැතුව අපිට කිසිවක් පළකරන්න බැහැ. ඇය ගියේ චිත්‍රපටයකට ද, ගීතයකට ද, ටෙලි නාට්‍යකට ද කියලා දැනගන්න ඇයව සම්බන්ධ කරගන්න කිහිපවරක්ම අපි උත්සහ කළා. අපේ ඒ උත්සහය අවසානයේ සාර්ථක වුණා. ඉතිං ඒ ගැන ඇය ‘දිවයින’ සිනමා කලාවට මෙහෙම කිව්වා.

අහම් ෂර්මාත් එක්ක රඟපෑවා - රශිප්‍රබා

මම ඇත්තටම පසුගිය දිනවල ඉන්දියාවට ගියේ මට ලැබුණ ආරාධනාවකට. ඒ “අජේවර්ධන්” කියන චිත්‍රපටයේ ප්‍රචාරණ ගීතයට රංගනයෙන් දායකත්වය ලබා දෙන්න. දුෂ්ෂන්ත් ප්‍රතාප්සිං අධ්‍යක්ෂණය කළ එහි අහම් ෂර්මාත් සමඟින් තමයි මම රංගනයේ යෙදුණේ. ඇත්තටම මට මේ අවස්ථාව ලැබුණේ මීට අවුරුද්දකට කලින් මම ඉන්දියානු විදියට ඇදලා හිටපු ඡායාරූපයක් දැකලා.

අහම් ෂර්මාත් එක්ක රඟපෑවා - රශිප්‍රබා

ඊට පසුව අවුරුද්දක පමණ කාලයක් සාකච්ඡා මට්ටමක තිබිලා පසුව ඔවුන් ලංකාවට ඇවිල්ලා මගෙත් එක්ක ගිවිසුම් අත්සන් කරලා තමයි මම ඉන්දියාවට ගියේ. ඇත්තටම ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. ඉතිං මම ටික දවසක් ඉන්දියාවේ ඉන්න හිටියේ නමුත් ලංකාවේ බාරගනිපු වැඩත් එක්ක ඒ රූගතකිරීම්වලට නැවත ඉක්මණට එන්න සිදුවුණා. ඉදිරියේදී මම නැවතත් ඉන්දියාවට යෑමට සූදානමින් තමයි ඉන්නෙ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment