අහුන්ගල්ලේ තරුණයෝ දෙදෙනෙක් තඹුත්තේගම ලුණුවැවේ ගිලී මරුට

125

තඹුත්තේගම ලුණුවැවේ නෑමට ගිය තරුණයන් දෙදෙනකු පෙරේදා  (11 දා) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල, අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දහනව හැවිරිදි පසිඳු මධුෂාන් මෙන්ඩිස් අබේසේකර නමැති තරුණයකු හා එගොඩ මුල්ල, අහුංගල්ල ලිපිනයේ පදිංචිව සිටි කසුන් මධුසංඛ නමැති විසි හත් හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයන් දෙදෙනා තඹුත්තේගම ප්‍රදේශයේ පිහිටි තම මිතුරකුගේ නිවසට පැමිණ සිටියදී ලුණු වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිසිය කියයි.

අනතුර සිදුවූ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් එක්ව එම තරුණයන් දෙදෙනා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණු අතර රෝහල්ගත කරන අවස්ථාව වන විටත් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment