අහුලාගත් ලක්ෂ දෙකහමාර අයිතිකරුටම භාරදෙයි

597

මහමඟ, වැටී තිබී අහුලා ගත් මුදල් පාර්සලයක් එහි හිමිකරුවන්ට භාරදීමට කටයුතු කර ඇති අවංක පුද්ගලයෙකු ගැන, වග, පැල්පොල ගමෙන් වාර්තාවේ. අන්සතු මුදලක් ලැබී සතුටු වෙනවාට වඩා මුදල් අහිමි වූවන් දුකට පත්වන අන්දම ගැන සිතා අනුකම්පාවෙන්, එහි හිමිකරුවන්ට අදාළ මුදල් භාරදීමට කටයුතු කළ බව, රුපියල් ලක්ෂ දෙකහමාරක් අහුලාගෙන, මුදල් අයිතිකරුට භාර දුන් ඒ. එම්. එස්. අත්තනායක නමැති අය කියති. පාදුක්ක ,වග මාර්ගයේ වේවැල්පනාව ප්‍රදේශයේ මහමඟ වැටී තිබියදී එම මුදල් පාර්සලය පසුගිය දිනක ඔහු අහුලාගෙන තිබේ.
අනතුරුව එම මුදල් එම ප්‍රදේශයේම අයෙකුට අයත් බව ප්‍රශ්න කිරීමේදී වැටහීම නිසා ඔවුන්ට ලබාදීමට පියවර ගත් බව හෙතෙම කීය. මේ කාලය හැමෝටම අමාරුයි, මගේ බිරිඳත් අසනීපයෙන් පසුවන්නේ, ඒ වුණත් අනුන්ගේ දේවල් ගන්න මගේ හිත කියන්නෙ නෑ යයි ඔහු පැවසීය. කාන්තාවන්ගෙ මාල කඩන, බස් එකේදි පොකට් එකට ගහන, නරුමයින් සිටින සමාජයක මෙවැනි මිනිසුන් සිටීම අගේ කළ යුතුය. මේ සේයාරුවේ සිටින්නේ අත්තනායක මහතාය.

ලබුගම – ඩේවිඩ් අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment