අහෝසි නොකළ යුතු  ත‍්‍රස්ත මර්දන පනත

479

එය නැවතත් සහරාන්ගේ කල්ලියට බෝම්බ ගැසීමට කරන ආරාධනාවක් හා සමානය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාසමානික්කම් ශානක්‍යන් අගරදගුරු හිමි හමුවී මේ පෙත්සම ඉදිරිපත් කර බව මාධ්‍ය ඔස්සේ පලවී තිබිණි. රාසමානික්කම් අටවන උගුල්වලට බිලිවන්නේ කවරෙක්ද යන්න අපි හො`දින් බලා සිටිමු. රාසමානික්කම් සිංහලෙන් පාර්ලිමේන්තුවේ කතා පැවැත්වුවද රටට හිතවත් අයකු නම් නොවේ. පිල්ලෙයාන්ගේ හිටපු ගෝලයා දැන් වෙනම නාට්‍යයක් රගපාන බව පැහැදිලිය. මෙයට රැවටෙන්නේ කවරෙකුද? හිතේ අමාරුවට ආණ්ඩුවට ගල් ගැසීමෙන් පලක් නැත.

 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බවට දෙන ලද ප‍්‍රතිඥාව ඉටු කිරීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව තවමත් අසමත්ව සිටින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප‍්‍රකාශ කළේ 2018 වසරේ ජනවාරි මාසයේය. 2015 වසරේ බලයට පැමිණි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මතභේදයට තුඩු දී ඇති ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ප‍්‍රතිඥාවක් දී තිබිණි. ‘‘සාක්ෂි විරහිතව සිරගත කර තැබීම්, ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදු කෙරෙන අපචාර” යන තේමාව යටතේ හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් නිකුත් කර ඇති ප‍්‍රකාශනය පිටු 46 කින් යුක්ත විය. ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස රටේ අණපනත් වෙනස් කිරීමට නොහැකිය. 2019 පාස්කු ප‍්‍රහාරය සිදු කළ පුද්ගලයන් හා කණ්ඩායම් අත්අඩංගුවට ගෙන තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේය. කාදිනල් හිමි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසට පෙත්සමකට අත්සන් කර තිබිණි. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ දෙමළ සන්ධානය විසිනි. පාස්කු ප‍්‍රහාරයේ යුක්තිය සොයන කාදිනල් හිමි මේ ප‍්‍රහාරයේ සැකකරුවන් ර`දවා තබා සිටින්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව නොදන්නේද? මේ පනත අහෝසි කළහොත් නෞෆර් මවුලවිට පවා නිදහසේ ගෙදර යෑමට හැකිය. කතෝලික පල්ලිය හා ආණ්ඩුව අතර ගැටුමක් ඇත. නමුත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අත්සන් තබන්නේ කවර අරමුණකින්ද? එය නැවතත් සහරාන්ගේ කල්ලියට බෝම්බ ගැසීමට කරන ආරාධනාවක් හා සමානය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාසමානික්කම් ශානක්‍යන් අගරදගුරු හිමි හමුවී මේ පෙත්සම ඉදිරිපත් කර බව මාධ්‍ය ඔස්සේ පලවී තිබිණි. රාසමානික්කම් අටවන උගුල්වලට බිලිවන්නේ කවරෙක්ද යන්න අපි හො`දින් බලා සිටිමු. රාසමානික්කම් සිංහලෙන් පාර්ලිමේන්තුවේ කතා පැවැත්වුවද රටට හිතවත් අයකු නම් නොවේ. පිල්ලෙයාන්ගේ හිටපු ගෝලයා දැන් වෙනම නාට්‍යයක් ර`ගපාන බව පැහැදිලිය. මෙයට රැවටෙන්නේ කවරෙකුද? හිතේ අමාරුවට ආණ්ඩුවට ගල් ගැසීමෙන් පලක් නැත.

 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙස දේශීය හා විදේශීය වශයෙන් රජයට බලපෑම් එල්ල වෙමින් තිබියදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කර තිබුණි. දෙමළ සන්ධානයට හෝ කතෝලික පල්ලියට ඇති හිතේ අමාරු අනුව ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු නැත. එය ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුරක්ෂිතව පැවතිය යුතුය.

 රජය විසින් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර තිබෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත මුළුමනින් අහෝසි කරන ලෙස කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් පසුගියදා ඉල්ලා තිබුණි. ‘‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ සිවිල් සමාජයේ ප‍්‍රකාශය ‘‘මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී තිබුණේ යෝජිත සංශෝධන මගින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන භයානක මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. සිවිල් සංවිධාන නියෝජිතයන් 70 දෙනකුගේ සහ සංවිධාන 32 ක අත්සනින් යුතුව නිකුත් කර තිබෙන එම නිවේදනය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඓතිහාසික වශයෙන්ම භාවිතා කර තිබෙන්නේ දෙමළ ජනතාවට එරෙහිව හා පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් පසු මුස්ලිම් ජනතාවට එරෙහිව බවයි. රජය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇති ප‍්‍රධාන අඩුපාඩු කොටස් 10 ක් යටතේ ඔවුන් පෙන්වා දී තිබුණි. එසේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන්නැයි ඉල්ලා ආදරවන්තයන්ගේ දිනය දා විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. රජය විසින් ඉදිරිපත් කර ඇති ත‍්‍රස්ත පනත සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය මේ මස මුලදී මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබුණි. ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ සංවිධානය කරන මෙම මහජන පෙත්සමට අත්සන් තැබීම පෙබරවාරි 3 වැනිදා ආරම්භ කර තිබුණේ මුලතිව් මාධ්‍ය සමාජයේදීය. ‘‘මේ ත‍්‍රස්ත පනත අහෝසි කරනවා කියා ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වෙලා තියෙනවා. එහෙත් අහෝසි කරන්න කිසිම පියවරක් නොගෙන සංශෝධනය කළා කියා වැඩකට නැති සංශෝධන කිහිපයක් ගැසට් කර තියෙනවා. ඒකෙන් පවතින ත‍්‍රස්ත පනතේ කිසිම වෙනසක් නැහැ,’’ යනුවෙන් පවසා තිබුණේ දෙමළ සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක ඒබ‍්‍රහම් සුමන්තිරම් විසිනි. යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සැසිය මුළා කිරීමට ආණ්ඩුව මෙවැනි ඇස්බැන්දුම් කර ඇතැයි පවසන සුමන්තිරන් කියා සිටියේ රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වූ පරිදි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවය. එහෙත් සුමන්තිරන් කියන පරිදි මේ පනත කිසිම විටක අහෝසි කළ යුතු නැත.

 ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට ”මාරාන්තික දෝෂ” සහිත බැවින් අවලංගු කළ යුතු බවට ජාත්‍යන්තරද පසුගියදා හඬ න`ගා තිබුණි. එහෙත් මේ හ`ඩ කාගේද? ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි අපේ අණපනත් වෙනස් කළ හැකිද? කිසිම විටක ජාතික ආරක්ෂාව පාවා දිය නොහැකිය.

 එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාවකට ප‍්‍රතිචාර වශයෙන් ශ‍්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකමි වාර්තාව 2022 මාර්තු 03 වෙනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබියදී 1979 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත සඳහා යෝජිත සංශෝධන 2022.01.27 වැනි දින ගැසට් කර තිබේ. ඉලංගෙයි තමිල් අරසුකච්චි තරුණ පෙරමුණ විසින් සංවිධානය කරන ත‍්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල කෙරෙන මෙම මහජන පෙත්සම අත්සන් කිරීමේ ව්‍යාපාරයට එක් වෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඊට සිය අත්සන එක් කර තිබිණි. කොටි ත‍්‍රස්තවාදය ඉතාම ප‍්‍රබලව පැවති සමයේ ආණ්ඩු කළ ඇය දැන් ත‍්‍රස්ත මර්දන පනත එපා කියන්නේ මන්ද? මේ පනත නොවන්නට ඇයට කොටි ත‍්‍රස්තයන් මර්දනය ස`දහා කිසිම පියවරක් ගැනීමට නොහැකි වන්නේය. මැතිනිය අත්සන් තබන්නේ හුදු ආණ්ඩු විරෝධය වෙනුවෙන්ද? හිටපු විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන් ද මෙම මහජන පෙත්සමට පසුගිය සිකුරාදා සිය නිවසේදී මෙම පෙත්සමට අත්සන් එකතු කර තිබිණි. සම්බන්ධන් මෙම පෙත්සමට අත්සන් තැබීම අරුමයක් නොවේ. ඔහු කොටි මර්දන මෙහෙයුම්වලටද එරෙහිවූ අයෙකි. නමුත් ප‍්‍රභාකරන් නොමැති නිසා වඩා සුරක්ෂිත වන්නේ දෙමළ ජනතාවය. මෙය සම්බන්ධන් හො`දින් දන්නා නමුත් ඒ ගැන ප‍්‍රසිද්ධියේ කිසිවක් නොකියයි.

 සිවිල් සංවිධාන 32ක් සහ පුරවැසියන් 70 දෙනකුගෙන් සාමූහික ප‍්‍රකාශයක් ලෙස නිකුත් කෙරුණු ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙස රජයට බල කරන ප‍්‍රකාශයේ මෙලෙස ස`දහන්ව තිබිණි. ‘‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස අපි නැවත නැවතත් ඉල්ලා සිටින්නෙමු. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සලකා බැලිය යුත්තේ, ශ‍්‍රී ලංකාවේ දැනටත් ක‍්‍රියාත්මක ත‍්‍රස්ත විරෝධී හා මහජන ආරක්ෂක නීති රාමුව තුළයි. ඉතිහාසය පුරාම රාජ්‍ය ආයතන විසින් බලය අවභාවිතා කර තිබෙන ආකාරය ද සැලකිල්ලට ගත යුතුය. ඉදිරි

 මාර්ගයෙහිදී භෞතික නිදහස ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නිසි පිළිගැනීම ලබාදිය යුතුය. විධායකය විසින් භෞතික නිදහස සීමාකිරීම සිදුකළ යුත්තේ කිසියම් තත්ත්වයක් තුළදී අවසන් විසඳුම ලෙසයි. ඒ සඳහා විෂයමූලික සාධක නිර්ණය කරන ප‍්‍රමාණවත් පදනමක් ද, එම පදනම් සම්බන්ධයෙන් අධිකරණ අධීක්ෂණය ද, නීති ආධාර, ඉක්මන් නඩු විභාග හෝ නිදහස් කිරීම ද දැඩි ලෙසම අවශ්‍යය.” ඇත්තෙන්ම මේ සිවිල් සංවිධාන එදා කොටි මර්දනය කිරීමටද එරෙහිව කෑගැසූ අය මිස අන් කණ්ඩායමක් නොවේ. මොවුන්ට අවශ්‍ය ලෙස ආණ්ඩු කළ නොහැකිය. ත‍්‍රස්ත මර්දන පනත මෙතෙක් යොදාගනු ලැබ තිබෙන්නේ දෙමළ ජනතාව සහ පසුව මුස්ලිම් ජනතාව පීඩාවට පත්කිරීම සඳහා බව ඊනියා සිවිල් ක‍්‍රියාධරයන් ප‍්‍රකාශ කිරීම මගින්ම මොවුන්ගේ අරමුණ පැහැදිලි වේ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව සංශෝධනය කළ යුතුය යන්න මෙරට ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කළ කරුණක් නොවේ. එහෙත් කිසිම විටක ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස ජාතික ආරක්ෂාව පාවා දිය යුතු නැත. ලංකා මාතාව සුරක්ෂිත වීමට ත‍්‍රස්ත මර්දන පනත ආරක්ෂා විය යුතුය.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment