අළු බඳුනේ දෙවැනි ජයත් ඔස්ටේ‍්‍රලියාවට

99

අළු බඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ ඊයේ (20 ා) නිමාවට පත්වූ දෙවැනි තරගයෙන් ලකුණු 275 ක ජයග‍්‍රහණයක් ලබාගත් සත්කාරක ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම තරගාවලියේ 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

 ඇඩිලේඞ්හි දිවා – රාතී‍්‍ර තරගයක් ලෙස පැවැති එම තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 468 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමේ සියලූ කී‍්‍රඩකයෝ ලකුණු 192 කට දවා ගැනීමට ඔස්ටේ‍්‍රලියා පන්දු යවන්නෝ සමත් වූහ.

 ඔස්ටේ‍්‍රලියා පන්දු යවන්නන්ගෙන් එල්ල වූ තර්ජනය මධ්‍යයේ පැය 4ක ටත් වැඩි කාලයක් කඩුල්ල ආරක්‍ෂා කර ගැනීමට ජොස් බට්ලර් උත්සාහ දැරුවද ‘හිට් විකට්’ ලෙස බට්ලර් දැවී යෑමෙන් එංගලන්තයට පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

 තෙවැනි තරගය ලබන 26 වැනිදා මෙල්බර්න්හිදී ආරම්භ වේ.

 ලකුණු සාරාංශය

 ඔස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 473/9, දෙවැනි ඉනිම 230/9

 එංගලන්තය පළමු ඉනිම 236, දෙවැනි ඉනිම 192

advertistmentadvertistment
advertistmentadvertistment