ආකාශ් මුම්බායිට තරුවක් වෙමින් ලක්නව් හඬවයි

178

අයිපීඑල් තරග ඉතිහාසයේ අවසන් වටයේ තරගවල හොඳම පන්දු යැවීමේ වාර්තාව සම කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලැබීමේ තරගය සඳහා රැගෙන යෑමට වේග පන්දු යවන ක්‍රීඩක ආකාශ් මද්වල් සමත් වූයේය.

ඒ අනුව අයිපීඑල් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමේ අවසාන තරගය මුම්බායි කණ්ඩායම සහ පසුගිය වර ශූරයන් වන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග අද (26 වැනිදා) පැවැත්වේ.

අද තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ලබන 28 වෙනිදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග අවසන් මහා තරගයේදී තරග වැදීමට නියමිතය.

ආකාශ් මද්වල් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පෙරේදා පැවැති තරගයේදී පන්දු වාර 3.3 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 05 කට කඩුලු 5ක් දවා ගත්තේය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ අනිල් කුම්බ්ලේ 2009 වසරේදී ලකුණු 05 කට කඩුලු 5ක් දවා ගෙන තිබුණි.

පෙරේදා තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 182 ක් ලබා ගත් අතර ලක්නව් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයෝ

පන්දු වාර 16.3 ක් අවසානයේ ලකුණු 101 කට දැවී ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment