ආගමන විගමන නිළධාරින්ගේ සංගමයෙන් නිවේදනයක්

523


මත්තල ගුවන් තොටුපොලේ රාජකාරියේ නිරත ආගමන විගමන නිළධාරීන් එම කටයුතු වලින් ඉවත්ව ඇති බවට පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රි ලංකා ආගමන විගමන නිළධාරින්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල මහතා පවසයි. එහි සේවයේ නිරත ආගමන විගමන නිළධාරීන් සාමාන්‍ය පරිදි සේවා කටයුතු වල නියැළි සිටින බවත් ඒ මහතා සඳහන් කරයි.
රට තුළ උද්ගතව ඇති අර්බුධකාරී තත්වය සැළකිල්ලට ගෙන කටුණායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පරිශ්‍රයේ පිහිටි සේද මාවත මගී නිශ්කාශන කටයුතු වලින් පමණක් ආගමන විගමන නිළධාරින් ඉවත්ව ඇති බවත්,මත්තල ගුවන් තොටුපොල පරිශ්‍රය තුළ සේද මාවත වැනි පරියන්තයක්ද නොමැති බවත් පවසයි.කටුනායක හැර මත්තල ගුවන් තොටුපොල හා අනෙකුත් ගුවන් තොටුපොල වල සේවයේ නිරත සියළුම ආගමන විගමන නිළධාරින් සාමාන්‍ය පරිදි රාජකාරියේ යෙදි සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment