ආගමන විගමන ප්‍රාදේශීය කාර්යාල අද සිට ඇරේ

375

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද (15) සිට විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

ඒ අනුව මාතර, මහනුවර, කුරුණෑග, සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල මෙලෙස විවෘතව පවතින අතර මෙම ප්‍රාදේශීය කාර්යාල විවෘතව කර තිබෙන්නේ උදෑසන 09 සිට දහවල් 01 දක්වා පමණක් බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා අවශ්‍ය සේවාලාභීන් පමණක් තමන් පදිංචි ස්ථානයට ආසන්නතම කාර්යාලයට පැමිණ අවශ්‍ය කටයුතු සිදුකර ගන්නා ලෙසට ඔවුන් දන්වයි.

ඊට අමතරව මාතර ප්‍රාදේශීය කාර්යාලය 041-5412212 සහ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය 081-5624509 යන දුරකථන අංක ඔස්සේ ද සම්බන්ධ කරගත හැක.

මීට අමතරව වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය 025-5676344 සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය 037-5550562 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

මේ අතර බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මගින් දැනට පවත්වාගෙන යන එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම පමණක් සිදුකරන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment