ආගමික අන්තවාදීන්ගේ ක‍්‍රියාකාරකම් ගැන අවස්ථා 9කදී ආරක්‍ෂක ලේකම්ට පොලිස්පතිට සහ බුද්ධි අංශ ප‍්‍රධානීන්ට ලිඛිතව දැනුම් දුන්නා

216

* හිටපු යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රධානී බි‍්‍රගේඩියර් චූලා රත්නසිරි

සහරාන් හෂීම් ඇතුළු ආගමික අන්තවාදීන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවධානයෙන් සිටි තම බුද්ධි අංශය ඔවුන් ඇතුළු ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ක‍්‍රියාකාරකම් ජාතික ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් වන බවට ඒත්තු යෑම නිසා ඔවුනට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට 2017 සිටම ආරක්‍ෂක ලේකම්වරුන් පොලිස්පතිවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් වෙත ලිඛිතව දැනුවත් කර තිබුණේ යැයි ශ‍්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ හිටපු අධ්‍යක්‍ෂක විශ‍්‍රාමික බි‍්‍රගේඩියර් චූලා රත්නසිරි කොඩිතුවක්කු මහතා ඊයේ (13දා) කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.

විත්තිකාර ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි අංශ ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඇතුළු වගකිවයුතු බලධාරීන්ට ඒ පිළිබඳව අවස්ථා 9කදීම ලිඛිතව දැනුම් දී තිබූ බවද පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙය වීම යටතේ සාක්‍ෂි දෙමින් හෙතෙම ප‍්‍රකාශ කළේය. නුදුරේදීම ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියාට 2019.04.04 දින විදේශ රටකින් ලැබුණේ යැයි කියන තොරතුර ඉතා වැදගත් තොරතුරක් වන බැවින් 2019.04.09 වැනිදා පැවැති බුද්ධි සමාලෝචන රැුස්වීමේදී ඔහු ඒ පිළිබඳව සාකච්ඡුා කළ යුතුව තිබූ බවත් ජාතික ආරක්‍ෂාවට බලපාන එවැනි වැදගත් තොරතුරු පිළිබඳ සාකච්ඡුා කිරීමට සුදුසුම ස්ථානය එම බුද්ධි සමාලෝචන රැුස්වීම බව තමාගේ මතය වන බවත් විශ‍්‍රාමික බි‍්‍රගේඩියර් චූලා රත්නසිරි කොඩිතුවක්කු මහතා එහිදී සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය. හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එදින ඒ පිළිබඳව සාකච්ඡුා කිරීමට යම්කිසි බාධාවක් තිබුණේ යැයි අධිකරණය නැගූ පැනයට පිළිතුරු දුන් සාක්‍ෂිකරු ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි පළපුරුදු ඉහළම තලයේ නිලධාරීන් හමුවේදී ඒ පිළිබඳව සාකච්ඡුා කිරීමට බාධාවක් නොතිබූ බවද ප‍්‍රකාශ කළේය.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට 2019.04.04 වැනිදා ලැබුණේ යැයි කියන එකී තොරතුරු පිළිබඳ ජාතික ආරක්‍ෂක විෂය භාර අමාත්‍යවරයා මෙන්ම රටේ විධායක ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ කා හට දැයි අධිකරණය නැගූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු එකී වගකීම ජාතික බුද්ධි ප‍්‍රධානියා සතු වගකීමක් ලෙස තමා සිතනා බවත් රැුස්කරගත් බුද්ධි තොරතුරු ජාතික බුද්ධි ප‍්‍රධානියාට වාර්තා කරනු මිස තමා සෘජුව ජනාධිපතිවරයා සම`ග එකී තොරතුරු හුවමාරු කර ගැනීමක් සිදු නොකළ බවද ප‍්‍රකාශ කළේය.

ජාතික ආරක්‍ෂාව ප‍්‍රමුඛ කොට සැලකූ තමා තම බුද්ධි නිලධාරීන් වාර්තා කරන වැදගත් බුද්ධි තොරතුරු ජාතික බුද්ධි අංශ ප‍්‍රධානී ආරක්‍ෂක ලේකම් රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී පොලිස්පතිවරයා හා ගුවන් හා නාවික හමුදා ප‍්‍රධානීන් සම`ග හුවමාරු කරගත්තත් රටේ ප‍්‍රධාන බුද්ධි අංශය වන රාජ්‍ය බුද්ධි අංශයෙන් තමන්ට නිසි සහයක් නොලැබුණා සේම බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක් සිදු නොකළ බවද ප‍්‍රකාශ කළේය.

රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියාට ලැබුණා යැයි කියන පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු අපේ‍්‍රල් 21 වැනිදා එම ප‍්‍රහාරය එල්ල වනතුරුත් තමාට ලැබිය යුතු බවද එහිදී දිවුරුම් පිට සාක්‍ෂි ලබා දෙමින් අධිකරණය හමුවේ අනාවරණය කළ හිටපු යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රධානී කොඩිතුවක්කු මහතා හේමසිරි ප‍්‍රනාන්දු මහතා 2019 ඔක්තෝම්බර් මස ආරක්‍ෂක ලේකම් ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා සම`ග ඔහු හමුවී එතුමාට රටේ ජාතික ආරක්‍ෂාවට අදාළව බුද්ධි විග‍්‍රහයක් සිදු කළ බවද ප‍්‍රකාශ කළේය.

බුද්ධි තොරතුරු ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටි සහරාන් හෂීම් ඇතුළු පිරිස අතරින් කිහිප දෙනෙකු මේ වන විට බෝම්බ ප‍්‍රහාර එල්ල කර මිය ගොස් ඇති බවත් තවත් බොහෝ පිරිසක් මේ වනවිට ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සාක්‍ෂිකරු එහිදී සාක්‍ෂි ලබාදෙමින් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු වගකිවයුතු අංශ වෙත ඉදිරිපත් කොට තිබූ රහස්‍ය බුද්ධි වාර්තා කිහිපයක් ඉදිරිපත් කරමින්

සාක්‍ෂිකරුගෙන් සාක්‍ෂි මෙහෙයවීම සිදුකළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හා සාක්‍ෂිකරු ජාතික ආරක්‍ෂාවට බලපාන රහස්‍ය කරුණු සිය මාධ්‍ය මගින් අනාවරණය නොකරන ලෙස ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළහ. වැඩිදුර සාක්‍ෂි විභාගය අද (14* වැනිදා පෙරවරු 9.30 දක්වා කල්තැබීමට නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඞ් ඉර්සදීන් යන විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment