ආගමික ආයතනවලට නොමිලේ විදුලිය එපා යැයි ඕමල්පේ සෝභිත හිමියෝ පවසති

530

තමන්ට විදුලි බිල ලක්ෂ තුනක් ඇවිත් තියනවා යැයි ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. අපේ පන්සලේ ස්වාමීන් වහන්සේලා 75 නමක් පමණ ඉන්නවා. රාත්‍රී 11 පමණ වනකම් ආගමික වැඩ සටහන්. පොදු සේවාවන් මහා පරිමාණයෙන් කරන්නේ.ජනක රත්නායක මහතා තමන්ගේ හෝටල් ටික බේරාගෙන තියනවා. ආගමික මධ්‍යස්ථාන වලට සියයට පන්සිය පනහක් වැඩිකරලා. ජනක රත්නායක මහතා තමන්ගේ අතේ තියන හැන්දෙන් තමන්ට හොදට බෙදාගෙන. මේක ලැජ්ජාවට කාරණාවක්. මේ බෙදිල්ල වැරදියි. ඒකේ සාධාරණත්වය මොකක්ද?විදුලිබල මණ්ඩලයට අලිබවෙලාතියෙන්නේ සුනාමි ඇවිත් නෙවෙයි. . කිසිදු ආයතනයකට නොමිලේ විදුලිය ලබාදිය යුතු නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රධානපෙලේ කිසිම බෞද්ධ ආයතනයකට විදුලි බිල ගෙවන්න පුලුවන්. කිසිම ආගමික ආයතනයකට නොමිලේ දෙන්න එපා.විදුලිබල අමාත්‍යවරයා කියනවා බෞද්ධ ස්ථාන 148කට මණ්ඩලය මගින් ගෙවන්න සූදානම් වෙලා තියනව. නොමිලේ නෙවෙයි සාධාරණ මුදලක් ලබාදෙන්න.නොමිලේ අවශ්‍ය නැහැ යැයි ද උන්වහන්සේ පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment