ආගමික නිදහස රැකීමට නිර්දේශ ගේන්න විශේෂඥ කමිටුවක්

110

ආගමික නිදහස ආරක්‍ෂා කිරීමට සහ ආගමික ඉගැන්වීම අපහාසයට ලක්කිරීම වැළැක්වීමට නෛතික විධිවිධාන හඳුන්වාදීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

එම විශේෂඥ කමිටුව ස්ථාපිත කිරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබේ. අදාළ සියලු කරුණු අධ්‍යයනය කර මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු යන ප්‍රධාන

ආගම්වල නායකයන්, මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් නියෝජනය වන පරිදි මෙම කමිටුව ස්ථාපිත කිරීමට නියමිතය.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment