ආචාර්ය සමිති සම්මේලන ලේකම් ඝාතන තැතක්

176

මහාචාර්ය එස්.බන්නැහැක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරයා සිය නිල පරිශ්‍රයේදී ඝාතනය කිරීමේ උත්සාහයක් පැවති බව එම සම්මේලනය ඊයේ (08 දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මහාචාර්ය එස්. බන්නැහැක මහතා සඳහන් කළේය.

ලේකම්වරයාගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව ලැබී ඇති විශ්වාසදායි තොරතුරු සම්බන්ධයෙන් එම සම්මේලනය මේ වනවිට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම මරණීය තර්ජන සහ ඝාතන තැත පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් ප්‍රමාදයෙන් තොරව සහ අපක්‍ෂපාතීව සිදුකරන ලෙසත් පොලිසියෙන් ඉල්ලා සිටින බව එම සම්මේලනය වෙනුවෙන් මහාචාර්ය එස් බන්නැහැක මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment