ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර 137 වන ගුණසමරු උළෙලදා

577

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ 137 වන ගුණසමරු උළෙල ඊයේ (13 දා) පෙරවරුවේ කොළඹ 7, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ දී පැවැත්විණි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා, කන්නන්ගර මහතාගේ පවුලේ ඥාතීන් හා සම්මේලනයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදුවිය.

ස්වදේශාභිමානි ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානීස්සර ස්වාමීන් වහන්සේ මුලසුන හෙබවූ මෙම වැඩසටහනේ ගුණානුස්මරණ දේශනය මහාචාර්ය නිමල් ද සිල්වා මහතා විසින් සිදුකරන ලදී. එසේම සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති නිමල් චන්ද්‍ර වාකිෂ්ඨ මහතා විසින් පිළිගැනීමේ කතාව කළේය.

ඡුායාරූපයෙන් දැක්වෙන්නේ වාකිෂ්ඨ මහතා ඇතුළු බෞද්ධ සම්මේලනයේ නිලධාරීන් කන්නන්ගර මහතාගේ පිළිරුවට ගෞරව පුද කළ අයුරුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment