ආණමඩුව ඌරියාවේදි සය හැවිරිදි දරුවා අකුණු සර වැදී මරුට

147

ආණමඩුව – ඌරියාව ප‍්‍රදේශයේදී ඉඩමක කුඩා නිවසක් ඉදිරිපිට සිටි සය හැවරිදි දරුවකු ඉකුත් 30 වැනිදා සවස අකුණු අනතුර මිය ගොස් ඇත.

මෙලෙස අකුණු වැදීමෙන් මිය ගොස් ඇත්තේ මහවැව – ඉහළ මහවැව පදිංචිව සිටි දියගු ආරච්චිලාගේ ඉදුසර සංජීව (අවු:06) නම් වූ කුඩා දරුවායි.

සිය දෙමාපියන් සමග ආණමඩුව – ඌරියාව ප‍්‍රදේශයේ පිහිටි මිය දරුවාගේ මව්පියන් අළුතින් මිලදී ගෙන තිබූ ඉඩමක වගා කටයතු කරමින් සිටියදී අධික වර්ෂාව අවස්ථාවේ ඉඩමේ තිබූ කුඩා නිවස ඉදිරිපිට සිටින විට මෙම දරුවා අකුණු ප‍්‍රහාරයට ලක්වී තිබේ.

අකුණු සැර වැදීමෙන් දැඩි කම්පනයෙන් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර දරුවා වැඩිදුර ප‍්‍රථිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර ඇතත් , ප‍්‍රථිකාර ලබමින් සිටි පුත්තලම මූලික රෝහලේදී දරුවා මිය ගොස් ඇත.

පුත්තලම / නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment