ආණ්ඩුවටයි පොලිසියටයි ලිස්සා යන්න දෙන්නේ නෑ – කාදිනල්තුමා කියයි

260

දේවස්ථානයට අත්බෝම්බයක් තැබීම:

බොරැල්ල සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිදුවීමට අදාළ චෝදනා වෙනත් පාර්ශ්වයන් පිට පටවා ලිස්සා යෑමට ආණ්ඩුවට හා පොලිසියට ඉඩ නොතබන බව කොළඹ අගරදගුරු මැලිකම් රංජිත් කාදිනල්තුමා පැවසීය.

පාස්කු ප‍්‍රහාරය සහ දේවස්ථාන අත්බෝම්බ සිද්ධිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ පෙරේදා (23 දා) පැවැත්වූ සාකච්ඡුාවකදී කාදිනල්තුමා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමා මෙසේ ද පැවසීය.

මේ සිද්ධියෙ ඇත්ත නැත්ත සම්පූර්ණයෙන්ම හෙළිදරව් කර ග්නනාතුරු අපි අපේ අරගලය මේ ආණ්ඩුවට විරුද්ධව පවත්වාගෙන යනවා. ආණ්ඩුවයි, පොලිසියයි කරන මේ නාටකය අපි පැහැදිලිවම දකිනවා. ඒ නිසා මම අපේ පියතුමන්ලාට කිව්වා එදා උදේ වරුවේ දර්ශන බලන්න කියලා. එවිට අපට මේ බෝම්බය වෙන කවුරු හරි ගෙනත් තිබ්බ ද කියලා හොයාගන්න පුළුවන් වෙනව. ඒ අනුව අපට සොයා ගන්න පුළුවන් වුණා තවත් තොරතුරු. ‘මුනි’ යන පුද්ගලයා මේ සිද්ධියට තද කරලා පොලිසිය අත හෝදා ගන්න උත්සාහ කළා. පොලිස් ඇමැතිගේ ප‍්‍රකාශයෙනුත් කියවුණේ ඒකයි. සාධාරණ හදවතක් තියන ඕනෑම මනුෂ්‍යයකුට මේ තත්ත්වය දිහා බලාගෙන ඉඳීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ කාරණාව ලිස්සා හැරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ.

අපිට උසාවිය ගැන විශ්වාසයි. ඒ නිසා මේ කරපු වැරැුද්ද නිවැරදි කර අහිංසක මිනිසෙක්ව බේරා ගැනීමට අපි කටයුතු කරනවා.

මේ වැරැුද්ද විතරක් නෙවෙයි, කොහෙද යන රෝහල් බෝම්බයක වැරද්දත් මේ මනුෂ්‍යයා පිට පැටවූවා. පොලිසිය වැරදි විදිහට මිනිසුන්ට අඩන්තේට්ටම් කරලා, තර්ජනය කරලා, කටඋත්තර අරගෙන වැරදි විදිහට යුක්තිය ඉටු කිරීමට යෑම අපි ප‍්‍රතික්ෂේප කරනවා.

අපි මේ මනුෂ්‍යයාව සහ අනිත් තුන්දෙනාටත් වෙච්ච අසාධාරණය වෙනුවෙන් පෙනීසිටිනවා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment