ආණ්ඩුවට ආදායම් ලැබීමක් සිදුවන්නේ නැහැ කළු සල්ලි සුදු කරන පනත වැරදි කරන අයට ඉනිමන් බැදීමක් සජබ මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න

363

කළු සල්ලි සුදු කරන පනතකින් සිදුවන්නේ වැරදි කරන අයට දිගටම වැරදි කිරීමට අවස්ථාව ලැබීම මිස ආණ්ඩුවේ ආදායම ඉහළ යාම නොවේ යැයි සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බැව් පැවසූවේ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

කිලී රාජ මහේන්ද්‍රන් මහතා මාධ්‍ය නිදහස වෙනුවෙන් සිටගත් අයෙකි. ඔහු අපෙන් වෙන්වීම මාධ්‍යයට විතරක් නෙමෙයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත් විශාල අඩුපාඩුවක් වෙනවා.

රජය විසින් පසුගියදා මුදල් පනතක් පාර්ලිමේන්තුවට ගෙනාවා .එය අපි මේ වන විට අධිකරණයට යොමු කළා. එහි දේශපාලන කරුණු කිහිපයක් තිබෙනවා. මෙම මුදල් පනත ගේන්නේ හෙළිදරව් නොකර රජයට බදු නොගෙවූ අයට සමාව දෙන පනතක් විදියට. ඒ වගේම එය කළු සල්ලි සුදු කරන පනතක් විදියට දකින්න පුලූ‍වන්. එයට 1% ක බද්දක් තමයි අය කරන්නේ. මේ අදහස අලූ‍ත් අදහසක් නෙවෙයි. පහළොස් වතාවක්ම මීට පෙර සිදු කර තිබෙනවා. මේ අදහස එක එක ආණ්ඩුවලින් ගෙන ආවා. අරමුණ රජයේ ආදායම ඉහළ යයි කියන එක. නමුත් එසේ වෙන්නේ නැහැ. බදු නොගෙවන කෙනෙක් නිදහස් වීම රටකට කරන්න පුළුවන් එක් අවස්ථාවයි. එහිදී බදු ගෙවන හොඳ ව්‍යාපාරිකයන් සිටිනවා. ඒ වගේම බදු නොගෙවන අයත් සිටිනවා .බදු නොගෙවන අය දශක

ගණන් බේරිලා සිටිනවා. ඒ අයට කළු සල්ලි සුදු කරගන්න පුළුවන් පනතකින් උනන්දු කරන්නේ වැරදි කරන පුද්ගලයන්ට දිගටම වරද කරගෙන යෑමට අවස්ථාවක් සැලසීමයි.

බදුවලින් තමයි රටේ ජනතාවට සාධාරණයක් වෙන්නේ. අද රැුකියා නැතිවෙලා දරුවන්ට පාසල් යන්න විදියක් නැහැ. ඔන් ලයින් ඉගෙන ගන්න කියනවා. නමුත් මුදල් නැහැ. ඉස්සර දරුවන්ට පෙළපොත් ලබා දුන්නා. නමුත් දැන් ලබාදෙන්න වෙලා තිබෙන්නේ ටැබ් උපකරණයි. එම ක‍්‍රමය තුළ ආර්ථික අතින් දියුණු පුද්ගලයන්ගේ දරුවන් කෙසේ හෝ ඉගෙන ගන්නවා. නමුත් බැරි අයට මොකුත් නැහැ. රජයට ආදායම වැඩි කරගන්න වැඩපිළිවෙළක් නැහැ. ආණ්ඩුව කියනවා අපි ආයෝජකයන් ගේනවා කියලා. එසේ කියන අයගේ මොළය පරීක්ෂා කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන බිල්ලෙක් මවල තියෙන්නෙ .ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න අපහසුයි. රජයට ආර්ථික කළමනාකරණ දැක්මක් නැහැ. එම නිසා අපේ රට විශාල ආර්ථික අර්බුදයකට මේ වෙනවිට මුහුණ දෙනවා. එයින් ගොඩ ඒමට වැඩපිළිවෙළක් මේ රජයට නැහැ.

රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ සිදුවීමක් දකිනවා. එයට ක‍්‍රියාමාර්ග ගත යුත්තේ අධිකරණයයි. එය මේ වනවිට එම කටයුතු සිදු වෙනවා. හැබැයි මෙය ජාතිවාදී ප‍්‍රශ්නයක් නොවෙයි. කාන්තා හිංසනය අපිත් හෙළා දකිනවා. මේ රටේ දරුවන් ආරක්ෂා කළ යුතුයි. සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. වරදක් වෙලා තිබෙනවා නම් එයට අධිකරණය තීන්දු ගත යුතුයි. එහිදී පුද්ගලයන් අදාළ වන්නේ නැහැ. ඕනෑම අයෙක් වරදක් කර තිබෙනවා නම් නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි.

සමගි ජන බලවේගය නීති ලේකම් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment