ආණ්ඩුවට එරෙහිව ලන්ඩන් නුවර රැව්දුන් ශ්‍රී ලාංකික ජන විරෝධය

460

දරාගත නොහැකි බඩු මිලත්, ගෑස්, තෙල් පෝලිම්, විදුලිය කප්පාදුව, අත්‍යවශ්‍ය බඩුවල හිඟයෙන් පීඩා විඳින අපේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව, පීඩාකාරි ආණ්ඩුවට එරෙහිව නොනැවතී ගෙන යන ‘අරගලයට’ හෘදයාංගම සහාය දැක්වීමක් වශයෙන්, බි්‍රතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් (GotaGoGama London) අරගලයට එක්ව සිටිති.

ආණ්ඩුවට එරෙහිව ලන්ඩන් නුවර රැව්දුන් ශ්‍රී ලාංකික ජන විරෝධය
ආණ්ඩුවට එරෙහිව ලන්ඩන් නුවර රැව්දුන් ශ්‍රී ලාංකික ජන විරෝධය
ආණ්ඩුවට එරෙහිව ලන්ඩන් නුවර රැව්දුන් ශ්‍රී ලාංකික ජන විරෝධය
ආණ්ඩුවට එරෙහිව ලන්ඩන් නුවර රැව්දුන් ශ්‍රී ලාංකික ජන විරෝධය

මෙහි එක් විරෝධතාවක් බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර, ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු චතුරස්‍රයේදී පැවතුණි. ඊට සමගාමීව ඇරඹුණු GotaGoGama විරෝධතාව පුරා සති දෙකක් තිස්සේ පැවැත්වීමට ද එරට ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන තිබේ.

එංගලන්තයේ නන්දෙස වාසය කරන 7000ක පමණ ශ්‍රී ලාංකිකයන් ජාති භේද හැරදා මීට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment