ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් පොදු සන්ධානයක්

128

ඉදිරි වසර කිහිපය සඳහා ආණ්ඩුව විරෝධී පොදු වැඩපිළිවෙළක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සමගි ජන බලවේගය ප‍්‍රමුඛ විපක්ෂ දේශපාලන සන්ධානයක් ගොඩනැෙඟමින් පවතින බව දේශපාලන ක්‍ෂේත‍්‍රයෙන් වාර්තා වේ.
 
 ඒ සඳහා විශේෂ යෝජනා ඇතුළත් ලේඛනයක් එම දේශපාලන පක්ෂ නායකයන් වෙත ලබාදී ඇතැයි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. මෙම සන්ධානයට මෙතෙක් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කරගෙන නැත.
 
 කෙසේ වෙතත් මෙම සන්ධානය පුළුල් කරමින් එම පක්ෂ මෙන්ම ආණ්ඩු නියෝජනය කරන පක්ෂ කිහිපයක් ද එක්කර ගැනීමට සාකච්ඡුා කරන බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය. මෙම නව සන්ධානය පිළිබඳව විශේෂ සාකච්ඡුාවක් පසුගියදා විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා ඇත.
 
 ආණ්ඩු විරෝධී පොදු වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය, රිෂාඞ් බදුර්දීන්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂ මේ වනවිටත් එකඟතාවය පළකර තිබෙන බව විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

 අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment