ආණ්ඩුවට එරෙහි බලවේගයක් ගොඩනැගීමට නම් ශී‍්‍රලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි

255

අපි ශ‍්‍රී ලංකා සන්ධානය ගොඩනගමින් කුමාර වෙල්ගම කියයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති පළිහ පෙරට දමා ආණ්ඩුවේ සියලූ‍ වරප‍්‍රසාද ලබාගැනීමට එම පක්ෂයේ මැති ඇමතිවරුන් කටයුතු කරමින් සිටින බවට අපි ශ‍්‍රී ලංකා සන්ධානයේ සභාපති, නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ඊයේ (02දා* චෝදනා කළේය.

ඔවුන් කිසි විටෙකවත් ආණ්ඩුවෙන් ඉවත් ඉවත්වීමට සූදානම් නැති බව කී හෙතෙම, ආණ්ඩුවේ වරප‍්‍රසාද ලබා ගැනීමට විවිධ අයුරින් කටයුතු කරමින් සිටින බවද කීවේය.

වත්මන් ආණ්ඩුවට එරෙහි බලවේගයක් ගොඩනැගීමට නම් ඔවුන් අනිවාර්යෙන්ම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව කී කුමාර වෙල්ගම මහතා, එසේ නොමැතිව ආණ්ඩුව තුළ සිට එය කළ නොහැකි බවත් පැවසීය. මෙරට ජනතාවට මේ වන විට පක්ෂ දේශපාලනය එපා වී ඇති බව සඳහන් කළ වෙල්ගම මහතා වත්මන් ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය මුළුමනින්ම බිඳ වැටී ඇති බව ද කීය.

එසේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ඇතුළු තනතුරු කෙරෙහි විශ්වාසය පාක්ෂිකයා වෙතින් බිඳවැටී ඇති බව පැවසු ඒ මහතා, ආණ්ඩුවට එරෙහි පුළුල්

බලවේගයක් නිර්මාණය කිරීමට සියලූ‍ දෙනා එක් විය යුතු බවත් කීවේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ඊයේ එම අදහස් පළකළේ නාවල සෝලිස් උත්සව ශාලාවේ පැවැති අපි ශ‍්‍රී ලංකා සන්ධානය ගොඩනැගීමේ සාකච්ඡුාවකට එක්වෙමිනි.මේ සඳහා දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු සන්ධාන රැුසක නියෝජිතයෝ එක්ව සිටියහ.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment