ආණ්ඩුවට තිත්ත කුණුහරුපෙන් බැන බැන  මිනිස්සු කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල – රට බංකොළොත් කියන්න තවත් මොන නිර්වචනද?

211

– සජබ මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

මේ වෙනකොට රට බංකොළොත් වෙලා කියන එක නිර්වචනය කරන්න අමුතුවෙන් අවශ්‍ය නැහැ යැයි සමගි ජන බලවේගය භාණ්ඩාගාරික කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ ආර්ථිකයේ නිවැරදි දිශාව රට සහ හෙට යන මැයෙන් ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේ දී හෙතෙම මේ බව කී අතර එහිදී මෙසේද කීය.

මේ වෙනකොට රට බංකොළොත් වෙලා කියන එක නිර්වචනය කරන්න අවශ්‍ය නැහැ. බැලූවොත් හැමතැනම පෝලිම්. ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලයට ආණ්ඩුවට තිත්ත කුණුහරුපෙන් බැන බැන මිනිස්සු කිලෝමීටර් ගණන් පෝලිමේ ්ඉන්නවා. ඒවා සමාජ මාධ්‍ය ජාලයේ තිබෙනවා.

දැන් මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න ඕන. උදය ගම්මන්පිල ඇමැතිවරයා කබ්රාල්ට බෝලෙ පාස් කරනවා. කබ්රාල් උදය ගම්මන්පිලට බෝලය පාස් කරනවා. ඊට පස්සේ ඒ ගොල්ලන්ගෙ ඇතුලෙ තියෙන ප‍්‍රශ්න බොරුවට ඇවිත් පෙන්නන්න හදනවා. හැබැයි ඔය සියලූම දෙනා මේකට වගකියන්න ඕන. ඒ අය එකතු වෙලා තමයි ප‍්‍රශ්නය අපි විග‍්‍රහ කරන කොට අපිට අවඥාන දෙස බැලූවේ. අපට හිනා. අපිට නොයෙකුත් මඩ ප‍්‍රහාරය එල්ල කලේ ඔය කට්ටිය.

නිවාඞ් කබ්රාල් මහත්තයා පෙබරවාරි නම වෙනිදා පුවත්පතට කියනවා අපිට ඩොලර් හිඟයක් නෑ කියලා. ඕක තමයි ඔය මනුස්සයා හැමදාම කිව්වේ. හැබැයි අද දිනයේ පත්තරේ තියෙනවා මහ බැංකුවට ඩොලර් මවන්න බැහැ කියලා. මේ මනුස්සය මොකක්ද මේ කියන්නේ. මේ මනුස්සයාට තේරෙන්නේ නැද්ද? එහෙමත් නැත්නම් මුළු ලංකාවමත් ලෝකයත් ගොනාට අන්දන්න හදන්නේ. හැමෝම මේකෙ ලකුණු දාගන්න හදනවා. හැමෝම කියනවා අපි කිව්වා ගිය සතියේ කිව්වා ඊට කලින් සතියේ කිව්වා කියලා. හැබැයි මම මේ බව පාර්ලිමේන්තුවේ කිව්වේ 2020 නොවැම්බර් මාසයේ. එදා මම කිව්වා ණය ප‍්‍රතිව්‍යුහගත කර ගන්නේ නැත්නම් ලොකු අගාධයකට යනවා කියලා. හැබැයි කබ්රාල් මැතිතුමා දිගටම කිව්වා කලබල වෙන්න දෙයක් නෑ අපි මේක ගෙවනවා කියලා. එම නිසා අයිඑම්එෆ්එකට කතා කරන්න ඕන නැහැ කිව්වා.

අපි සමගි ජන බලවේගය හැටියට නොවැම්බර් මාසේ 20 ඉඳලා දිගින් දිගටම ඔය වැඬේ කරන්න බෑ ඔය කට්ටිය යන ගමන වැරදියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සාකච්ඡුා කරල විසඳුමක් හොයාගන්න මේ ඩොලර් ප‍්‍රශ්නයට කියලා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා ඔය ණය ප‍්‍රතිව්‍යුහගත කරගන්න ඊට පස්සේ අපි කිව්වා ඩොලර් මිලියන 500 ක් ගෙවන එක දැන් යෝග්‍යද ඒකද කළ යුත්තේ ඒකද? වඩාත්ම හොඳ විකල්පය. රටේ තියෙන දැවෙන ප‍්‍රශ්න විසඳන්න මේ වෙලාවේ ඞීසල් පෙට‍්‍රල් ගන්න බෙහෙත් ගන්න ණය ප‍්‍රතිව්‍යුහගත කරගත යුතු නැද්ද කියලා අපි දිගටම කිව්වා. ණය පැහැර හරින්න එපා. ඒ ගැන නෙමෙයි කතා කරන්නේ. යම්කිසි විදියකට ණය කල් දමා ගැනීමක් කර ගන්න අපි කිව්වා. මාස 36 කට කතා කරගන්න කල් දමා ගන්න පුළුවන්ද කියලා. දැන් කියන්න එපා අපිට අදාල නෑ අපි කළ දෙයක් නෙමෙයි කියලා. ඒවට අපි වෙනම උත්තර දෙන්නම්. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තමයි අවසානයේ මේ සියලූ වගකීම තියෙන්නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පුළුවන් වෙන්න ඕන තමන්ගේ කණ්ඩායම එකතැනකට ගෙනල්ලා මේ ප‍්‍රශ්නවලට පිළිතුරු හොයන්න.

ගජමිතුරු කල්ලියක් ගේ අවශ්‍යතාවයන් සඳහා ඔවුන්ව සන්තෝෂ කිරීම සඳහා ද අද රටේ මිලියන විසි දෙකක් වන ජනතාවට මෙච්චර ලොකු දුකක් පටවල තියෙන්නෙ. ඞීසල් නෑ විදුලිය නෑ. බෙහෙත් නැහැ. එළවළු ටික ගේන්න ලොරි නෑ. හාල් මෝල් ක‍්‍රියාත්මක කරන්න ලයිට් නෑ. ජෙනරේටර් මිනිස්සුන්ට නැහැ. මාළු ටික ෆ‍්‍රිජ් එකේ දානවා. ඩිස්පෙන්සරියට ආරෝග්‍ය ශාලාවට දිස්ත‍්‍රික් රෝහලට ජෙනරේටර් නැහැ. බෙහෙත් දෙන්න බැහැ. ඔපරේෂන් කරන්න බැහැ. මේක නෙමෙයි නං බංකොළොත් කියන්නේ මොකක්ද බංකොළොත් කියන්නේ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා-

අද අර්බුදය ගැන කතා කරන්න නෙමෙයි ගෙදරින් එළියට බැස්සොත් අර්බුදය හැමෝටම පැහැදිලියි. එක පුද්ගලයෙක් කිව්වා තෙල් ටික ගහගන්න පිරවුම්හල් හයකට ගියා ඒත් ගහ ගන්න බැරි වුණා කියලා. ෂැෂේ ක‍්‍රමයට තමයි පාරිභෝගිකයාට තෙල් ටික ගන්න වෙලා තියෙන්නේ.

මහ බැංකු අධිපති එක දවසක එකක් කියනවා. තව දවසක තව එකක් කියනවා. උදේට එකක් කියනවා. හවසට තව එකක් කියනවා. කාටවත් හිතන්න බැහැ මොනවද මේ අය ඇත්තටම කියන්නෙ කියලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment