ආණ්ඩුවට නොදන්වාම ස්කොට්ලන්ත රජය පොලිස් පුහුණුව නවත්වයි

829

ශ‍්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් පිරිසකට ස්කොට්ලන්තයේදී පුහුණුව ලබාදීමේ දීර්ඝ කාලීන පුහුණු වැඩසටහනක් එම රජය විසින් අත්හිටුවා ඇත. මෙය පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේම දිගින් දිගටම පැවැති පුහුණු වැඩසටහනකි. ස්කොට්ලන්ත රජය එම තීරණය ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි කියන චෝදනාවක් නිසාය.

 ස්කොට්ලන්ත රජයේ තීරණය පිළිබඳ තවමත් ශ‍්‍රී ලංකාවට හෝ පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර මහතාට නිල වශයෙන් දන්වා නැත.

 ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ප‍්‍රතිසංස්කරණ සහ වගවීම යන කාරණා වල ප‍්‍රගතියක් ඇතිවන තුරු එම පුහුණුව නවත්වන ලෙස ඇමෙරිකාවේ හියුමන් රයිට්ස් වොච් නමැති මානව හිමිකම් සංවිධානය ස්කොට්ලන්ත රජයෙන් ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment