ආණ්ඩුවම ජනතාවගෙන් බ්ලැක්ලිස්ට් වෙලා ඉවරයි – සමගි ජන බලවේගයේ ගයන්ත කරුණාතිලක

59

සමස්ත ආණ්ඩුවම මේ වන විට ජනතාවගෙන් බ්ලැක්ලිස්ට් වෙලා යැයි සමගි ජන බලවේගය ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා වැඩිදුරටත් මෙසේද කීය.

රටේ ජනතාව අතර අසාදු ලේඛනගත වෙලා ඉන්න මේ ආණ්ඩුව අද වෙද්දි විදේශ රටවල් ඉදිරියේ අපේ ලංකාව හෑල්ලූවට ලක් කරලා. අපේ රටේ බැංකුවත් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට විදේශ රටක පෞද්ගලික ආයතන ගනුදෙනුවකට බැක්ලිස්ට් කරලා. කොමිස් කුට්ටි වෙනුවෙන් රට ඔට්ටුවට තියලා සූදු කෙළපු ආණ්ඩුවකට මේකට වගකියන්න සිද්ධ වෙලා. පොහොර පරීක්ෂා කරන්න කලින් ණයවර ලිපි නිකුත් කරන්න නියෝග දුන්නේ කවුද කියලා රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා. මෙහෙම දෙයක් රටට ගේන්නට පෙර 1999 අංක 35 දරන පනතට අනුව ශාක නිරෝධායන ආයතනයේ අනුමැතිය අනිවාර්යෙන්ම ගත යුතුයි.

රජය පැත්තෙන් ¥ෂිත ගනුදෙනු පිළිබඳව පරස්පර අදහස් ප‍්‍රකාශ වෙන්නේ. කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා ණයවර ලිපිය නිකුත් කරන්න කලින්ම චීන නැව පිටත් වෙලා කියලා ණයවර ලිපි නිකුත් කිරීමට කලින් මේවා පරීක්ෂා කළ යුතුව තිබෙනවා පිටරටවලින් ගේන ඕනම දහ ජරාවක් භාර ගන්න අපිට හැකියාවක් නැහැ. ශාක නිරෝධායන ආයතනය පරීක්ෂණ වාර්තා එන්නට කලින් ණයවර ලිපි නිකුත් කළේ කුමන හේතුවක් නිසාද යන්න මාධ්‍ය විමසන විට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී නිලධාරීවරයා පවසනවා ලංකාවේ තියෙන රජයේ පොහොර සමාගම් දෙකම කිව්වලූ ඉක්මනින්ම ණයවර ලිපි නිකුත් කරන්න කියලා.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment