ආණ්ඩුවෙන් එළියට යන මොහොත අපි වෙලාවට කියන්නම්

230
OLYMPUS DIGITAL CAMERA

වැරදි පාරේ යනවා නම් ශී‍්‍රලනිප 14 දෙනාගේ සහාය නෑ – දයාසිරි කියයි

ආණ්ඩුවෙන් එළියට යන්න ඕන වෙලාව සිය මධ්‍යම කාරක සභාවෙන් තීරණය කරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් බතික් කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

එදා ගමේ ජනතාව කිව්වේ පොහොට්ටුවෙන් නැත්නම් එන්න එපා කියා බවත් දැන් ජනතාව කියන්නේ පොහොට්ටුවෙන් නම් ආයෙ එන්න එපා කියා බවත් මාතලේ පැවැති නිදහස් පක්‍ෂ දිස්ති‍්‍රක් සම්මේලනය අමතමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

අද මේ ආණ්ඩුවට බැඳගෙන වැඩ කරපු ඡුන්දෙ දීපු ජනතාව පාරදිගේ කුණුහරුපයෙන් බණින බවද මහලේකම්වරයා පැවසීය. එම නිසා අද ජනතාව තමන්ට ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස කියන බවත් එම නිසා ආණ්ඩුවෙන් එළියට යන්න ඕන වෙලාව ශී‍්‍ර ල නි ප මධ්‍යම කාරක සභාව තීරණය කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කතා කළ මහලේකම්වරයා මෙසේද කීය.

ගමට ජනතාවට ගැළපෙන ප‍්‍රතිපත්ති මාලාවකින් ඉදිරියට යන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අද රට විශාල අර්බුද රැුසකට මුහුණදී සිටිනවා. එම නිසා ඉතිහාසයේ නොතිබූ ආණ්ඩුවක් අපි හැදිය යුතුයි. අපි මේ ආණ්ඩුව බලයට ගේන්න විශාල වැඩකොටසක් කෙරුවා. ලක්‍ෂ පහළොවක ඡුන්ද ප‍්‍රමාණයක් අපි අරන් දුන්නා. අපි මේ ආණ්ඩුව හදල මේ ආණ්ඩුවේ වැරදි පෙන්නලා පුළුවන් තරම් කාලයක් ආණ්ඩුවේ ඉන්නවා. අපිව විශ්වාස කරන මිනිස්සු ටිකක් ඉන්නවා. අපිට රට අනාථ කරන්න බැහැ.

අපිට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් හදන්න ඕනෙ නැහැ. හැබැයි ආණ්ඩුවත් එක්ක විසඳගන්න තිබෙන ප‍්‍රශ්න ගැන අපි කතා කරනවා. ඒ නිසා මේ රට වැරදි මාර්ගයක යන්න තවදුරටත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දාහතරදෙනාගේ ඡුන්දය දෙන්න සූදානම් නැතැයි ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment