ආණ්ඩුවේ පිඩනයට එරෙහිව ජනතාව පාරට බැස්සා-සජබ

106

ආණ්ඩුවේ පිඩනයට සහ සියලු අනිතික කටයුතු වලට ජනතාව ඊයේ (15) දින අභියෝග කළ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එහි මෙසේ සඳහන් කර ඇත.
සමගි ජන බලවේගය කොළඹ දී කැදවු විරෝධතාවට විවිධ අභියෝග හමුවේ එක් වු ලක්ෂ සංඛ්‍යත ජනතාවට සමගි ජන බලවේගයේ කෘතවේදිත්වය පුදකරමුග එමෙන්ම මෙම ජනතාවාදී වැඩසටහනට ජනතාව දැනුවත් කල සියලුම මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය ආයතන වලට සමාජ මාධ්‍ය ජාලා සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ට සමගි ජන බලවේගයේ ස්තුතිය පුද කර සිටිමු.

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාවලිය තුළ ජනතාව පෙලෙන පිඩනයට එරෙහිව ජනතා නැගිටිමේ ආරම්භය මෙම විරෝධය තුළින් පැහැදිලි වියග ආණ්ඩුව මෙම එකතුව වැලැක්වීමට දැරු සියලු ප්‍රයන්තයන් ජනතාවගේ කැපවිම තුළ ව්‍යර්ථ කිරිමට හැකියාව ලැබුනි.

විරෝධතාව ට පෙර ඉන්ධන බෙදාහැරීම නතර කල අතර විරෝධතා දිනයේ ඉන්ධනහල් වසා දැමීමට ද උත්සාහයක් දැරු අතර ඒ සියලු අභියෝග දිනන්නට ජනතාවට හැකියාව ලැබුණේ ඔවුන් මේ මොහොතේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් තුළ ජනතාව මුහුණ දි ඇති පිඩනය සියලු අනිතික කටයුතු වලට අභියෝගයක් බව පෙන්වා දෙමිනි.

තව දුරටත් මෙම ජනාධිපතිවරයා ට සහ ආණ්ඩුවට රට පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගැනිමට නොහැකි බව මෙම ජනතා පෙළ ගැසිම තුළින් පැහැදිලි වේ. තව දුරටත් ආණ්ඩුවට කල යුතු දේ පිළිබඳව පැහැදිලි කිරිම් හෝ යොජනා ඉදිරිපත් කිරිමෙන් පලක් නොවේ.

සමගි ජන බලවේගය මෙම ජනතා නැගිටිම ඉදිරියටම ගෙන යාමට කටයුතු කරමු ගවර්තමාන ආණ්ඩුව පළවා හැරිමේ ජනතා අභිලාෂය ඉටු කිරිමට මෙම අරගලය මහ පොළොවේ අරගලයක් බවට පත් කරන බව අවධාරණය කරමු.

මෙි රටේ ජනතාව ජිවත් කරවන රටේ නැති වු ගෞරවය ලබා ගැනීමට සමගි ජන බලවේගයේ අපේක්ෂාව වඩාත් වේගයෙන් ක්‍රියාත්මක කරලිමට දැඩි අදිටනින් ක්‍රියාත්මක වන බවට සපථ කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment