ආණ්ඩුවේ අත්පුඩි මැද බැසිල් පාර්ලිමේන්තුවට දෑත් එක් කර පක්‍ෂ විපක්‍ෂ මන්තී‍්‍රවරුන්ට ආචාර කරයි… පවිත‍්‍රා ළඟ අසුන වෙන්වෙයි

854

 ආණ්ඩු පක්‍ෂයේ අත්පොලසන්, සුබ පැතුම් මධ්‍යයේ ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (08 දා* දින පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
 
 ඒ මහතා ඊයේ පෙරවරු 9.45 වනවිට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමග මන්තී‍්‍ර පිවිසුම වෙනුවට විශේෂ දොරටුවකින් පාර්ලිමේන්තුවට පැමිණ තිබූ අතර පසුව පෙරවරු 10 ට පාර්ලිමේන්තු රැුස්වීම් ආරම්භයේදී ප‍්‍රමුඛතම කටයුත්ත ලෙස මන්තී‍්‍ර දිවුරුම් දුන්නේය.
 
 වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් බැසිල් රාජපක්‍ෂ මහතා සභා ගැබට කැඳවාගෙන පැමිණියේ ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ගේ උණුසුම් ප‍්‍රතිචාර
 
 සමගිනි.
 
 බැසිල් රාජපක්‍ෂ මහතා ද දෑත් එක්කොට පක්‍ෂ, විපක්‍ෂ මැති ඇමැතිවරුන් වෙත ආචාර කරනු ලැබූ අතර සභාගැබ මැදදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට නමස්කාර කරනු දක්නට ලැබිණි.
 
 මන්තී‍්‍ර ධුරයෙහි දිවුරුම් දීමෙන් පසුව ආණ්ඩු පක්‍ෂයේ ඉදිරි පෙළ නවවැනි අසුනෙහි ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට යාබද අසුනෙහි අසුන් ගත් බැසිල් රාජපක්‍ෂ මහතා වෙත නැවතත් ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරු තම මේසවලට තට්ටු කරමින් ජයවේවා යැයි කියමින් සතුට පළ කර සුබ පැතූහ.
 
 ඒ මහතා නව මන්තී‍්‍ර ධුරයෙහි දිවුරුම් දෙන විට ඇමැති විමල් වීරවංශ හෝ දයාසිරි ජයසේකර යන මහත්වරු සභාවෙහි නොසිටියහ.
 
 ඒ සම්බන්ධව විපක්‍ෂ මන්තී‍්‍ර සරත් ෆොන්සේකා මහතා ‘කෝ විමල්?’ යනුවෙන් අසන අයුරු ද ඇසිණි.
 
 බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරියේ විපක්‍ෂයේ අසුන් ගෙන සිටිනු ලබනුයේ කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා වන අතර ඔහු ද අත වනා ආචාර කරමින් ඈත සිට සුබ පතන අයුරු දක්නට ලැබිණි.
 
 නව මන්තී‍්‍ර බැසිල් රාජපක්‍ෂ මහතා දිවුරුම් දෙන ආකාරය දැක බලා ගැනීමට ඔහුගේ බිරිඳ පුෂ්පා රාජපක්‍ෂ මහත්මිය ඇතුළු තවත් තිදෙනෙක් ගැලරියෙහි අසුන්ගෙන සිටියහ.
 
 බැසිල් රාජපක්‍ෂ මහතා මන්තී‍්‍ර ධුරයෙහි ඊයේ දින දිවුරුම් දීමත් සමගම රාජපක්‍ෂ පවුලේ රාජපක්‍ෂවරු 05 දෙනෙක් මැති සබයේ සිටිති.
 
 අගමැති මහින්ද, ඇමැති චමල්, ඇමැති නාමල් සහ රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර යන මහත්වරු ඉතිරි රාජපක්‍ෂවරුය.   අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment