ආණ්ඩුවේ අලූත් තාලේ ඉඩම් මංකොල්ලයක් – සජිත් පානමදී හෙළි කරයි

93

රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප‍්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පානම  රාගම්වෙල ගම්මානයේ ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් සැලවීමත් සමග ඒ පිළිබ`දව සොයා බැලීමට පානම ශ‍්‍රී බෝධිරුක්ඛාරාමයට පැමිණි අවස්ථාවේදීය. ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක පානම ශ‍්‍රී චන්ද්‍රරතන නාහිමිපාණන් වහන්සේ ඊයේ (27දා) බැහැදැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායකවරයා එම ස්ථානයට පැමිණ සිටි ගම්වාසීන් අමතා මේ බව පැවසීය.

දේශීය සම්පත් කුණුකොල්ලෙට පිටරටට විකුණමින් සිටින ආණ්ඩුව අනෙක් පැත්තෙන් අහිංසක ජනතාවගේ ඉඩම් මංකොල්ලකෑමට අනුබල දෙමින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා, දේශපාලන බලය සහ මුදල් තිබුණ පළියට මෙසේ ඉඩම් මංකොල්ල කෑමට කිසිවකුට ඉඩ නොදිය යුතු බවද පැවසීය. ආණ්ඩුව මේ රට තල්ලූ කරගෙන යමින් සිටින්නේ අතිශය ඛේදනීය තත්ත්වයකට බවත්, කැලෑ නීතිය අතට ගෙන සිදුකරන මේ කොල්ලකෑමට එරෙහිව සියලූ ක‍්‍රියාමාර්ග ගන්නා බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ලාහුගල – ගයාන් චින්තක
 

advertistmentadvertistment
advertistmentadvertistment