ආණ්ඩුවේ කැරට් කන්න සජබ ලෑස්ති නෑ – සජිත් කියයි

78

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ආණ්ඩුව දිගු කරන ඇමැති කැරට් අල අනුභව කිරීමට සූදානම් නොමැති බවත් රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව රජය කරන හොඳ දේවල්වලට පමණක් ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා පමණක් සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ජීවත් වන ලක්ෂ 220ක් වූ ජනතාව අසීමිත දුකකින්, අසහනයකින් සිටින අවස්ථාවක මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින සුළු කොටසක් විසින් ව්‍යාජ ප්‍රවෘත්ති සකස් කර එම ප්‍රවෘත්ති පුවත්පත්වල සහ පසුදා සිරස්තල කියන වැඩසටහන් හරහා කියවා ජනතාව තුළ රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සම්බන්ධයෙන් යම් මතයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් එහිදී සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සුපුරුදු බලකෑදර ලාභ අපේක්ෂා දේශපාලන ගමනක යන බවට වන පුවතක් නිර්මාණය කරනු ඇති බවත් එම පුවත සහමුලින්ම අසත්‍ය බවත් පෙරේදා (18 දා) ඒ මහතා පැවසීය.

1% ක් වන ජඩ මාධ්‍ය දියත් කරන කුමන්ත්‍රණවලට ජනතාව හසු නොවන ලෙසත් සමහරු අද කපුටන් සමග කුමන්ත්‍රණය කර කපුටු වෙබ් අඩවිවල විවිධ කටකතා ස්ථාපිත කර රටේ පොදු ජනතාව නොමඟ යවන නාග රාජ්‍ය මාධ්‍ය ව්‍යාපෘතියක නිරතව ඇති බවත් ඒ මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුව හරහා ඇමැති ධුර 70ක් පමණ ගජ මිතුරන්ට බෙදා දෙන සූදුවට සම්බන්ධ නොවන බව ද ඒ මහතා පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment