ආණ්ඩුවේ කුමන්ත්‍රණයට ඉඩ නොදී ඡන්දයට ළඟම දිනයක් කොමිසම අද කිව යුතුයි – ටිල්වින් සිල්වා

73

මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුව සිදුකරන කුමන්ත්‍රණවලට තවදුරටත් ඉඩ නොතබා මැතිවරණය පැවැත්වීමට ඉතා නුදුරු දිනයක් කොමිසම අද (07දා) ප්‍රකාශයට පත්කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (06දා) පැවසීය.

මුදල් සම්බන්ධයෙන් ඇතැයි කී ගැටලුව අධිකරණය විසඳා ඇති බැවින් මැතිවරණය සඳහා ආසන්න දිනක් ලබාදීම කොමිසමේ වගකීමක් බවත් හෙතෙම කීවේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් හෝ මුද්‍රණාලයාධිපතිනිය කැඳවා අදහස් විමසීම තවදුරටත් අවශ්‍ය නොවන බවත් ඒ සඳහා අධිකරණයේ තීරණය ලැබී ඇති අතර තවදුරටත් කල්මැරීම ආණ්ඩුවේ කුමන්ත්‍රණයට කාලය දීමක් බවත් ටිල්වින් සිල්වා මහතා කීවේය.

ටිල්වින් සිල්වා මහතා එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment