ආණ්ඩුවේ පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට

250


අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව විවාදය 08 වැනිදා සවස 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment