ආණ්ඩුවේ මන්ත්‍රී 10 ක් ‘කේවල්’ බලය පෙන්වති!

459

ආණ්ඩුව වහා ජනතාවගේ හඬට සවන් දී වෙනස්කම්වලට කඩිනමින් යමින් ක්‍රියාකළ යුතු බව ආණ්ඩුවේම තවත් මන්ත්‍රීවරු 10ක් ‘කේවල්’ බලයක් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඊයේ පැවසීය.

මෙම මන්ත්‍රීවරු රට පළමුව සාමකාමී තත්ත්වයකට පත් කිරීමට ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන ජනතා විශ්වාසය රැක ගැනීමට ක්‍රියාකිරීමේ වැදගත්කමත් දෙවනුව මැතිවරණ ක්‍රියාදාමයකට ප්‍රවිෂ්ඨවීම සිදු කළ හැකි බවත් අවධාරණය කර තිබේ. සියලු දේශපාලන පක්‍ෂවල සහාය ගෙන රට ස්ථාවර කිරීමට අන්තර්වාර පාලනයක් ඇතිකිරීම ද පෙර වැරදි ජනතාවට යළි නොකරන බවට සහතිකයක් අපේක්‍ෂා කරන බවද දැනුම් දී ඇත. එසේ නොවුණහොත් ඔවුන් 10 දෙනාගේ තීරණය රජයේ බහුතරය බිඳ වැටීමකට හේතුවිය හැකි බවට ද අවධාරණය කර ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment