ආණ්ඩුවේ මැති ඇමැති  75 කගේ නිවාස ගිනි තියලා

216

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 75 දෙනෙකුගේ දේපළවලට 09 වැනිදා සිට පෙරේදා (14 දා) දක්වා ගිනි තැබීම් හා හානිකිරීම් සිදුකර ඇතැයි වාර්තාවේ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, වෛi රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විමලවීර දිසානායක, මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා, විදුර වික්‍රමනායක, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, කාංචන විජේසේකර, තේනුක විදානගමගේ, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, නසීර් අහමඩ්, අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, තාරක බාලසූරිය, ඉන්දික අනුරුද්ධ, සිරිපාල ගම්ලත් යන මැති ඇමැතිවරු මේ අතර වෙති.

එමෙන්ම අනුරාධ ජයරත්න, ඩී. වී. චානක, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, ඩී. බී. හේරත්, වෛi සීතා අරඹේපොල, රෝහණ දිසානායක, ශාන්ත බණ්ඩාර, පියල් නිශාන්ත, අශෝක ප්‍රියන්ත, කපිල අතුකෝරාළ, ගීතා කුමාරසිංහ, ගුණපාල රත්නසේකර, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී. බී. රත්නායක, ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, එස්. එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රොෂාන් රණසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජයන්ත කැටගොඩ, අමරකීර්ති අතුකෝරළ, ජනක තිස්සකුට්ටිආරච්චි, විමල් වීරවංශ, යූ. කේ. සුමිත් උඩුකුඹුර, අකිල සාලිය එල්ලාවල, ලලිත් එල්ලාවල, ජගත් කුමාර, නාලක

කෝට්ටගොඩ, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, ඉසුරු දොඩංගොඩ, ප්‍රේමනාත් සී. දොලවත්ත, එච්. නන්දසේන, පියුමි අනුප පැස්කුවල්, චින්තක අමල් මායාදුන්න, නිපුණ රණවක, අලි සබ්රි රහිම්, අජිත් රාජපක්ෂ, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, රාජිකා වික්‍රමසිංහ, සහන් ප්‍රදීප් විතාන, ඩී. වීරසිංහ, සමන්ප්‍රිය හේරත්, ලලිත් වර්ණකුමාර මංජු, චන්දිම වීරක්කොඩි, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ගේ දේපළ ගිනි තැබීම් හා විනාශ කිරීම් වාර්තා වී ඇත.

මෙම පිරිසේ නම් මේ වනවිට වාර්තාවී ඇති අතර මීට අමතර තවත් පාර්ලිමේන්තු සහ පළාත් පාලන නියෝජිතයන් රැසකගේ නිවාසවලට ගිනි තැබීම් සහ දේපළ හානිකිරීම් සිදුව ඇති බව ද ඒවා සම්බන්ධයෙන් වාර්තා වෙමින් තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment