ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය සහ ගජමිතුරුවාදය නිසා සෑම භාණ්ඩයකම මිල ඉහළ ගිහින්

153

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉමිතියාස් බාකිර් මාකර්

ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකැණය සහ ගජමිතුරුවාදය හේතුවෙන් සෑම භාණ්ඩයකම මිළ ඉහළ ගිහින් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉමිතියාස් බාකිර් මාකර් මහතා ‘දිවයින’ට පැවසීය.

මන්තී‍්‍රවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

සීනි තිලෝවක් මේ වන විට රුපියල් 220 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඇත්තටම සීනි පමණක් නොවෙයි අද වන විට සෑම භාන්ඩයක්ම වැඩි වෙලායි තිබෙන්නේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ මිළ ගණන් වැඩි වෙලා තිබෙනවා. අපිට දැන් මතක් වෙන්නේ කලින් තිබුණු පෝලිම් යුගයට යනවාද කියලා. මේ ආණ්ඩුව දැන් කොවිඞ් උවදුර පිට දාලා මේ භාණ්ඩ මිළ ඉහළයාම සාධරණීකරණය කරන්න යනවා. ආණ්ඩුවේ නිසි කළමණාකරණයක් නෑ. දැන් අපේ රටට භාණ්ඩ ගෙන්වන්නේ සීමිත පිරිසක්. එදා නම් තරඟකාරීත්වයක් තිබුණා. නමුත් අද එහෙම නොවෙයි. අද නිදහස් තරඟකාරී වෙළෙඳ ප‍්‍රතිපත්තියක් නෑ.

දැන් භාණ්ඩ ගෙන්වන්නේ මේ ආණ්ඩුවට හිතවත් පිරිසක්. නිදහස් තරඟකාරී වෙළෙඳ ක‍්‍රමයට අද නැවතීමේ තිතක් තබලා. බලපත‍්‍ර වලට සීනි ගෙනාපු අයගේ සීනි තොග වරායට එනවිට බලපත‍්‍ර අහෝසි කළා. එතකොට ඒවා වරායේ හිර වෙනවා. දඩ

ගාස්තු ගෙවන්න වෙනවා. එතකොට ඒවායේ වැය බර වැඩි වෙනවා. අඩුවට දෙන්න වෙන්නේ නෑ. ආණ්ඩුවේ ව්‍යාපාරිකයින් එය තමන්ගේ ග‍්‍රහණයට ගත්තා. අනෙක් අයට බලපත‍්‍ර ලබා දෙන්නේ නෑ. බලපත‍්‍රගත්තු ආණ්ඩුවේ අය ගෙන්වන භාණ්ඩ සියල්ලම අද ගණන් ගිහින්. සීනිවල තත්ත්වයත් එහෙමයි. බලපත‍්‍ර ගත්තු අය බඩු ගෙන්වලා ගණන් උස්සනවා. දැන් මේ සීනි

ගෙනාපු අයත් ගණන් අස්සනවා. ආණ්ඩුවේ වැරදි කළමනාකරණය නිසා තමයි මෙහෙම වෙන්නේ. කන කෑම සිට සියළුම දේවල් වල මේ වන විට මිළ ඉහළ ගිහින් තිබෙන්නේ මේ වැරදි කළමනාකරණය නිසායි. ගජමිතුරු වාදය අද රජවෙලා.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment