ආණ්ඩුවේ වැරැදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා මහ බැංකුවට එන්න තිබෙන ඩොලර් ටිකත් නැතිවෙලා

125
  • පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් (සජබ)

වත්මන් ආණ්ඩුවේ ඇති වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා මහ බැංකුවට එන්න තිබෙන ඩොලර් ටිකක් නැතිවෙලා යැයි සමගි ජන බලවේය කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (21 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මේ ආණ්ඩුව බලයට එන්න කලින් අපිට අභියෝග කළා කවදාවත් ඡුන්දයක් කල් දාන්නේ නැහැ කියලා. නමුත් ජනාධිපතිතුමා මේ අවුරුද්ද පටන් ගත්තෙම මේ රටේ ජනතාවගේ ඡුන්ද පාවිච්චි කිරීමේ අයිතිය යටපත් කරලා. එම ප‍්‍රජා අයිතිය ජනතාවගේ මූලික අයිතියක් එය යටපත් කරගෙන තමයි ජනාධිපතිතුමා මේ අවුරුද්ද පටන් ගත්තේ. මේ අවුරුද්දේ පටන් ගන්න තිබුණු ලබන මාසයේ කාලය අවසන් වන පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට ජනාධිපතිතුමා ක‍්‍රියා කළා. වසර දෙකක් කොවිඞ් තිබුණා එම නිසා වසර දෙකක් දික් කරන්න කියන්න පුළුවන්. එය පිළිගන්න බැරි තර්කයක්. මොකද පළාත් පාලන ආයතනවලට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන කොට මේ රටේ කොවිඞ් වසංගතය උච්ඡුතම අවස්ථාවක තිබුණේ. එතකොට මේ රටේ සියලූ දෙනාම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා නීති විශාරදයන් සියල්ල කිව්වා පාර්ලිමේන්තු මැතිවරණය මාස 6කට කල් දමන්න කියලා. රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය නිසා ඡුන්දයකට සුදුසු නැහැ කිව්වා.

නමුත් අපි දැක්කා ආණ්ඩුව කොවිඞ් වසංගතය උච්ඡුතම අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණය කල් නොදමා තමන්ට තුනෙන් දෙකක් ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ඡුන්දයට ගියා. හැබැයි අද ඡුන්දය පවත්වන්නේ නැහැ. එයට වෙනත් කාරණා කියනවා. ඒ තුළින් අපට පැහැදිලි වෙනවා ජනාධිපතිතුමාගේ වසර දෙකක කාලය තුළ ආපසු හැරිල බැලූවම එම පාලනය අසාර්ථක වෙලා තිබෙන බව. ඒ කිසිදු ආකාරයේ කිසිම අංශයක වර්ධනයක් පෙන්නුවේ නැති කාලයක්.

ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා වූ කිසිදු ආකාරයේ සැලසුමක් ආණ්ඩුවට නැහැ. ආණ්ඩුව එය පෙන්නන්න ගතයුතු ක‍්‍රියාමාර්ග කියන්නෙත් නැහැ.

මහ බැංකුවේ අධිපතිතුමා ගන්නා වූ වැරදි ආර්ථික තීන්දු තීරණ නිසා කවුරුත් ලංකාවට ඩොලර් එවන්නේ නැහැ. ඩොලර් බැංකුවේ තියෙන අයත් ඒවා ඉවත් කර ගන්නවා. ඩොලර්වලට වෙළෙඳපොළේ තීන්දු වන මුදල මහ බැංකුව ගෙවන්නේ නැහැ. මහ බැංකුව ඩොලර් එක අවශ්‍ය මිලට තියාගෙන ඉන්න හින්දා ලංකාවට මේ මොහොතේ ඩොලර් එන එක නැවතිලා තියෙනවා. පෞද්ගලික ව්‍යාපාරිකයන් කවුරුත් ඩොලර් ගේන්නේ නැහැ. එම නිසා ආණ්ඩුවේ තියෙන වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා මහ බැංකුවට එන්න ඩොලර් ටිකක් නැතිවෙලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment