ආණ්ඩුවේ සාධනීය කටයුතවලට විපක්‍ෂයේ සිට සහාය දෙනවා – සජිත් ජනපතිට දන්වයි

43

පාර්ලිමේන්තු ක්‍රමය යටතේ විපක්‍ෂයේ සිට ආණ්ඩුවේ කටයුතුවලට සහාය දීමට විපක්‍ෂය සූදානම් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා හා විපක්‍ෂ නායකවරයා අතර තවත් හමුවක් ඊයේ පැවැති අතර එහිදී මේ බව දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡාවේදී සමගි ජන බලවේගයට ආණ්ඩුව සමඟ එක්වී කටයුතු කරන ලෙසට ජනපතිවරයා නැවත වතාවක් ආරාධනා කළ අතර සාධනීය කටයුතුවලදී විපක්‍ෂයේ සිට ආණ්ඩුවට සහාය දියහැකි බව මෙහිදී විපක්‍ෂ නායකවරයා පෙන්වා දී ඇත.

ඇමැති තනතුරු මේ වනවිට රටට බරක් වී ඇති බව ද ජනතාව ඇමැති තනතුරුවලට දැඩි විරෝධයක් පළකරන බව ද සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙහිදී පෙන්වා දී තිබේ.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment