ආණ්ඩුව අද කොමිස් ව්‍යාපෘතිවල යෙදිලා – සජිත් පේ‍්‍රමදාස

92

මහා සාගතයක සහ දැවැන්ත ආර්ථික බංකොළොත්භාවයක පෙරනිමිති රට ඉදිරියේ තිිබියදී ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නිරතව සිටින බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ආණ්ඩුව අනවශ්‍ය ඇවිදින මංතීරු වැනි ව්‍යාපෘතිවලට මුල්තැනදී ක‍්‍රියා කිරීම හේතුවෙන් මිනිස් ජීවිත තවත් අවදානමකට පත්ව තිබෙන බවද හෙතෙම කියා සිටියේය. පොතුවිල් මූලික රෝහලට ජනසුවය සමාජ සත්කාරක වැඩසටහන යටතේ රුපියල් තිස්පන් ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්‍ෂ නායකවරයා එම අදහස් පළකළේය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment