ආණ්ඩුව අසාර්ථක නිසා බැසිල් පාර්ලිමේන්තු ගේන්න හදනවා

147

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

 ‘‘බැසිල් මහත්තයා පාර්ලිමේන්තුවට ගේන්නේ ආණ්ඩුවේ අසාර්ථකභාවය නිසා’’ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් මහතා ‘දිවයින’ ට ඊයේ (25 වැනිදා* පැවසීය.

 බැසිල් මහතා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයක් ලබාගත් පසු ආණ්ඩුව තුළ මතුව ඇති අර්බුද තව තවත් උග‍්‍ර වනු ඇතැයි ද හෙතෙම කීය.

 ලබන ජුලි 06 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දිවුරුම් දෙන බවට පැතිර යන තොරතුර පිළිබඳව ඊයේ (25 වැනිදා* විමසූ අවස්ථාවේ හෙතෙම එසේ කියා සිටියේය.

 එහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා මෙසේ ද කීය.

 බැසිල් මහත්තයා පාර්ලිමේන්තුවට ගෙනැල්ලා ආණ්ඩුව ගොඩදාන්න පුළුවන් කියලා කට්ටියක් හිතනවා. බැසිල් මහත්තයා අතේ මැජික් පොල්ලක් තියෙනවාද දන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනතාවගෙන් එල්ලවන අඩුපාඩු වහගන්න තවත් රාජපක්ෂ කෙනෙක් කරළියට ගෙනැල්ලා ආණ්ඩුව අලකරගන්නයි හදන්නේ. ගෝඨාට වැඩ බැහැ බැසිල්ට වැඩ පුළුවන් කියලයි මේ පෙන්වන්න හදන්නේ. කොහොමත් ඔක්කොමලා රාජපක්ෂලානේ. බැසිල් පාර්ලිමේන්තු එන එකෙන් ආණ්ඩු පක්ෂය තුළ ගැටලූ පැනනැඟිලා ඉවරයි. බැසිල් එනවට ආණ්ඩුවේම හුඟක් අය අකැමැතියි. මේ නිසා ආණ්ඩුව පුපුරා යනවා සිකුරුයි.

 කොහොම වුණත් රටේ ජනතාව අසරණ වෙලයි ඉන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment