ආණ්ඩුව ඉල්ලා අස්කරගත් නඩු ගැන සජබ වාර්තාවක් ඉල්ලයි

116

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඉල්ලා අස්කර ගත් නඩු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් ඊයේ (02 දා* පෙරවරුවේ නීතිපති වෙත ලිපියක් භාර දුන්හ.

 ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඇතුළු ඔවුන්ගේ හිතවතුන් පිරිසකගේ නඩු රැුසක් වත්මන් නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගෙන ඇති අතර එලෙස ඉවත් කර ගත් නඩු මොනවද, ඊට හේතුද විමසමින් ඔවුන් අදාළ ලිපිය භාර දී තිබිණි.

 විශේෂයෙන්ම හිටපු නීතිපතිවරයා ලෙස වත්මන් අගවිනිසුරු විසින් එවකට ගොනුකරනු ලැබූ නඩු වත්මන් නීතිපති යටතේ ඉල්ලා අස්කර ගැනීමට හේතු මොනවා දැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා ‘දිවයින’ට පැවසීය.

 ඊයේ පෙරවරුවේ නීතිපති කාර්යාලය වෙත අදාළ ලිපිය භාරදුන් බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කීය. මෙම අවස්ථාවට හර්ෂණ රාජකරුණා, ජේ. සී අලවතුවල, කාවින්ද ජයවර්ධන මන්ත‍්‍රීවරුන් ද සහභාගි වී තිබේ.

 අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment