ආණ්ඩුව කන් නොදුන්නොත් අඛණ්ඩ දුම්රිය වර්ජනයක්

103

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ලේකම්

ආණ්ඩුව ජනතාවගේ හඬට තවත් කන්දෙන්නේ නැත්නම් ඉදිරියේදී අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයකට යනවා” යැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසීය.

ඒ සඳහා අනතුරු ඇඟවීමක් ලෙස ඊයේ කොටුවේදී දුම්රිය වෘත්තීය සමිති එක්ව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූ බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ එස්. පී. විතානගේ මහතා මෙසේ ද කියා සිටියේය.

මැතිවරණය කල් දැමීම, බදු වැඩි කිරීම, විදුලි බිල වැඩි කිරීම, ණය කුලී වාරිකය වැඩි කිරීම, ජීවන බර වැඩි කිරීම ඇතුළු තවත් කරුණු කාරණා මුල් කරගෙන අපි දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූවා. 2016 න් පසු දුම්රිය දෙපාර්තමේන්තුවේ පඩි වැඩි වෙලා නැහැ. අද බඩු මිල හැමදේම වැඩි වෙලා. එහෙම තියෙද්දි මේ අය බඩු මිල වැඩි කරමින් ජනතාව දැඩි පීඩනයකට පත් කරමින් ඉන්නවා. මහජනතාවගේ දේපල කොල්ලකන මේ ආණ්ඩුව ගෙදර යවන්න අපි සූදානම්. මේ අය දැන් ගෙදර යවන්නම ඕනෑ. රට කාපු මේ අයත් හිටියා දැන් ඇති. ජනතාවට දුක දැවැන්ත විදිහට දැනිලයි තියෙන්නේ.

මැතිවරණය කල් දාමින් නාට්‍යයක් රඟපාන රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්. මේ අය දන්නවා මැතිවරණයෙන් දරුණු පරාජයක් ලබන බව.

advertistmentadvertistment
advertistmentadvertistment