ආණ්ඩුව ගන්නා වැරැදි තීරණවලින් ජනතාවට දුක්විඳීමට සිදුවීම ගැන කනගාටුයි

88

‘‘බුද්ධිමත් පාලකයන් සිටින රටවල්වල තුන්වැනි එන්නතත් ලබා දෙන්න ආරම්භ කරලා. අපි තවමත් ඒ ගැන කතාකර කර ඉන්නවා. රජය ඒ ගැන කල්වේලා ඇතිව සැලසුම් කළ යුතුයි. කල්වේලා ඇතිව තීන්දු නොගැනීමේ ගතියක් මේ ආණ්ඩුවට තිබෙනවා’’ යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (16 වැනිදා* පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා මෙසේද කීය.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ලොක්ඩවුන් කිරීමක් සිදුකළා. නමුත් අපි දකිනවා එසේ කිව්වට රථවාහන පාරවල්වල ගමන් කරන බව. අඩුම තරමේ වාහන පරීක්ෂා කරන ක‍්‍රමවේදයක් වත් නැහැ. නමුත් සුබදායී ප‍්‍රතිඵල යම් දුරකට ලැබී තිබෙනවා. අපි හිතනවා මෙය මහජනයාගේ උනන්දුව කැපවීම නිසා පාලනයක් සිදුවන බව. මහජනයා පුද්ගලිකව ආරක්ෂා වීම වගකීමක් ඇතිව කරපු කැපකිරීම අනුව ලැබුණු ප‍්‍රතිඵලයක් හැටියට දකින්න ලැබෙනවා. ඉක්මනින්ම ලොක්ඩවුන් ඉවත් කරාවි. මෙය මහජනයාගේ උනන්දුව සහ කැපවීම මත සිදු වේවි.

මේ ක‍්‍රමවේදයට තමයි අපට මේ ජයග‍්‍රහණය කරන්න පුළුවන්. රජය ගන්නා තීන්දු තීරණ කලට වේලාවට විශේෂඥයින්ට ඇහුම්කන් දීලා ගන්නවද කියන ගැටලූව අපට තියෙනවා. මෑතකදී දුටුවා රාජ්‍ය ඇමතිතුතුමිය කියනවා අවශ්‍ය අය තීන්දු තීරණ ගන්නා අය ගනීවි මට කියන්න තියෙන්නෙ ජනතාවට ආරක්ෂා වෙන්න කියන එක පමණයි කියලා. එසේ ප‍්‍රකාශ කළේ සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය. එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම හිටපු සෞඛ්‍ය ඇමතිතුමියන් ඉවත් වෙලා යන අවස්ථාවේ පණිවිඩයක් දුන්නා ඒ තමයි වටු රජෙක් ගැන කතා කරලා එතුමිය ඉවත් වෙන එක එතුමියට හොඳ බව. එදා කිව්වා එතුමිය කුණු ගොඩකට කරගහගෙන ඉන්න බව තමයි එතුමිය කිව්වේ.

මේ අනුව අපට පේනවා විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම විශේෂඥ කමිටුවලින් ඉවත් වෙලා ගියා. ඔවුන් ප‍්‍රබල විශේෂඥවරු නමුත් අපි දකිනවා වෛද්‍ය හේමන්ත හේරත් මහතා ටීවී එකේ සුමාන දෙක තුනකට කලිනුත් එතුමා කිව්වා තවමත් කොරෝනා සමාජගත වෙලා නැහැ කියලා. අපි දකිනවා මෙහි විශේෂඥයෝ යැයි කියන පිරිසකුත් සිටිනා බව. එම අය ආණ්ඩුවට කඬේ යන්න ලෑස්ති වෙලා. එම අයට ඇහුම් කන් දෙනකොට ජනතාව තේරුම් ගත යුතුයි මෙවැනි වාතාවරණයක සමාජගත වෙලා නැහැ කියනවා නම් එසේ කියන විශේෂඥයෝ සිටිනවා නම් ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා තමුන්නාන්සේලා මේවා අවබෝධ කරගන්නා ලෙස. ජනතාවට පුද්ගලිකවම ආරක්ෂාව සපයා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මේ වනවිට ලෝක විශේෂඥයින් දැනුවත් කර තිබෙනවා ෆයිසර්, ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් වල ශක්තිය මාස හයකට පසුව අඩු වෙන බව. එය ලෝකයේ විශාල විශ්වවිද්‍යාලවලින් පරීක්ෂණ සිදු කර තිබෙනවා. එම නිසා බුද්ධිමත් පාලකයින් සිටින රටවල්වල තුන්වෙනි එන්නතක් ලබාදෙන්න ආරම්භ කරලා. අපි තවමත් ඒවා ගැන කතාකර කර ඉන්නවා එමනිසා මේ රටේ රජය ඒ පිළිබඳව කල් වේලා ඇතුව සැලසුම් කළ යුතුයි. කල්වේලා ඇතිව තීන්දු නොගැනීමේ ගතියක් මේ ආණ්ඩුවේ තිබෙනවා.

පසුගියදා අපේ අගමැතිතුමා ඉතාලිය බලා පිටත් වුණා. විශේෂයෙන් පාස්කු ප‍්‍රහාරය ගැන කතිකාවතක් ඇතිවී තිබෙන මොහොතක තමයි එතුමා ඉතාලියට ගියේ. අතීතයේ දී සිංහ කොඩිය දාලා අපේ රාජ්‍ය නායකයන් පිළිගත්ත රටක් තමයි ඉතාලිය. දේශපේ‍්‍රමීන් රැුසක් ඉන්න රටක් තමයි ඉතාලිය. නමුත් ඒ අවස්ථාවේ අපි දැක්කෙ අගමැතිතුමාට හූ කියනවා. අපි දැක්කා දෙසීයක් පමණ සිටින ස්ථානයක කළු කොඩි ඔසවාගෙන හූ කිව්වා. තවත් ස්ථානයක අගමැතිතුමාට ජයවේවා කියනවා. ආශිර්වාද කරනවා. අගමැතිතුමා පිළිගන්නවා දැක්කා. එම පිරිස් තානාපති කාර්යාල සේවකයින් වෙන්නත් පුළුවන්. මේ ගැන අපි කතාකරල වැඩක් නැහැ. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ලෝක මතයට ඇහුම්කන් දිය යුතුයි. ලාංකිකයන් ලොව පුරා ඉන්නවා. එම අයගේ නිගමනය මේ තුළින් අපට දැනගන්න පුළුවන්.

මේ වෙන විට ජනතාවට දුක් විඳින්න සිදු වෙලා. ජනතාව ඉතාමත් දුෂ්කර අනාරක්ෂිත ජීවිතයක් ගත කරනවා ඒ ගැන අපිට කනගාටුයි. ඒ තුළින් ජනතාව බේරා ගන්න ඉදිරියට කැප කිරීම් කරනවා.

කිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment