ආණ්ඩුව ගනු ලැබූ තීරණ නිසා මුළු රටම එකවිට අඩපණ වෙලා – අනුර කුමාර දිසානායක

158

ඉතියෝපියාවෙ දශක ගණනක් මිනිස්සු හාමතේ මැරුණා. කිරිදෙන අම්මලාගේ බඩ පිටට ඇලුණා.
ලෝකෙ රටවල් ගියාද ඉතියෝපියාව බේරගන්න. නෑ. ලෝකේ රටවල් ගිහින් එහෙම බේරගන්නේ නෑ.
සමහර අය හිතනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිත් අපව බේර ගනී කියලා.

ආණ්ඩුව ගනු ලැබූ අමනෝඥ තීරණ නිසා මුළු රටම එකවිට අඩපණ වෙනවා. මේ විනාශයේ මහා පුපුරා යෑම එයයි. එමගින් මුළු රටේම සමස්ත ක්‍රියාදාමයම නවතිනවා යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ‘ජන පීඩක ආණ්ඩුව පන්නමු ජනතාවාදී පාලනයක් ගොඩ නගමු – මාතර අපිත් පාරට බසිමු’ යනුවෙන් සංවිධාන කර තිබූ රැස්වීමකදී මාතර නගරයට පැමිණ සිටින ජනතාව අමතමින් පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා:

ඉස්සෙල්ලා මුදල් ඇමති හිටියේ මහින්ද රාජපක්ෂ මේකෙන් ගොඩ ගන්න කියල මොළ හතේ බැසිල් රාජපක්ෂ ගෙනාවා. ඊළඟට බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යධුරයෙන් අයින් කරලා අලි සබි්‍ර ගෙනාවා. ඊළඟට අලි සබි්‍ර අයින් කරලා ගෝඨාභය ආවා. දැන් ගෝඨාභය අයින් වෙලා රනිල් වික්‍රමසිංහ ගෙනාවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුව මුදල් ඇමතිවරු මාරු කරා. පවිත්‍රා දේවී කාලෙක තෙල් ඇමති. ලොකුගේ තව කාලෙක තෙල් ඇමති.

ගම්මන්පිල තවකාලෙක තෙල් ඇමති. අවුරුදු දෙක හමාරට ඇමතිවරු පහ හයයි. මේ කිසිදු මාරුවකින් අර්බුදය තාවකාලිකව හෝ නතර වුණා ද කියලා මට කියන්න. අර්බුදය වැඩි වුණාද? අඩු වුණාද? වැඩි වුණා.

රනිල් වික්‍රමසිංහ එනකොට කිව්වේ මොකක්ද? රනිල් වික්‍රමසිංහට ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා. රනිල් සුද්දො අඳුරනවා ඩොලර් ගේන්න පුළුවන් කිව්වා. රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි වුණාට පස්සේ මොකක්ද මොකද්ද සිද්ධවුනේ. පහුගිය මැයි මාසෙ නවවෙනිදා අරලියගහ මන්දිරය වටකරලා මේ රටේ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු මහින්ද රාජපක්ෂ පවුල පලවා හරින්න මේ රටේ ජනතාව පාරට බැහැලා මේ රටේ ජනතාවගේ විශාල නැගිටීමක් සිදු වුණා. අරලියගහමන්දිරය වටේ දහස් ගණන් ජනතාව වටවෙලා හිටියා. මහින්ද රාජපක්ෂ එළියට බහින්න බැරුව හිටියේ. හෙළිකොප්ටරයකින් මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලයට පැනලා ගියා. ඔහු නාවික හමුදා කඳවුරකට කොටුවුණා. ත්‍රිකුණාමල ජනතාව

ගිහින් නාවික හමුදා කඳවුර වැටලුවා. මොකක්ද වුනේ මහින්ද රාජපක්ෂ බිත්තියට හේත්තු වුණා. මතක තබාගන්න රනිල් දිවුරුම් දුන්නා. මහින්දට හෙළිකොප්ටරයක් ලැබුණා. ත්‍රිකුණාමලය ඉඳන් කොළඹ ආවා. රනිල් ඇවිල්ලා ගලවගත්තෙ කවුද? රනිල්ලා ඇවිල්ලා ගලවා ගත්තේ මහින්ද රාජපක්ෂ. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ.

සමහර අය හිතනවා ඉන්දියාව ඇවිල්ල අපිව බේර ගනියි කියලා. දැන් ඉන්දියාවේත් ප්‍රශ්න මතුවෙලා තියෙන්නෙ. සමහර අය හිතනවා ජපානය අපව බේර ගනී කියල. සමහර අය හිතනවා චීනය අපිව බේර ගනී කියල. දැන් කට්ටියක් හිතනවා රුසියාවෙන් අපව බේර ගනී කියල. එහෙම තව රටවල් තවත් රටවල් බේරගන්න නෑ. හොඳට මතක තියා ගන්න. ඉතියෝපියාවෙ දශක ගණනක් මිනිස්සු හාමතේ මැරුණා. කිරිදෙන අම්මලාගේ බඩ පිටට ඇලුණා. ලෝකෙ රටවල් ගියාද ඉතියෝපියාව බේරගන්න. නෑ. ලෝකේ රටවල් ගිහින් එහෙම බේරගන්නේ නෑ.

සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment