ආණ්ඩුව ගමේ වැඩ ලක්‍ෂය කරන්න හදන්නේ ඊ.පී.එෆ්. එක කොල්ලකාලා –  දුමින්ද නාගමුව

215

ග‍්‍රාම සංවර්ධන ලක්‍ෂයේ වැඩසටහන ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන්න යන්නේ සේවක අර්ථ සාධකය ඇතුළු සේවක අරමුදල් කොල්ලකෑමෙන් යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

එම නිසා මෙය පරාජය කිරීමට රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික ඇතුළු සියලූම ජනතාව එක්විය යුතු යැයි ද නාගමුව මහතා ඊයේ (09 දා* පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ආණ්ඩුව රුපියල් බිලියන 02 කට වඩා ලාබ ලබන ආයතනවලින් සියයට 25 ක බදු මුදලක් අයකර ගැනීමට කටයුතු කරනවා. 2017 වසරේ සමාගම් පනත යටතේ සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, රාජ්‍ය සේවකයන්ගේ පාරිතෝෂික යන අරමුදල් ඇතුළත් කර තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම ටි‍්‍රලියන 03යි. එහි ලාභය මිලියන 250ක් වනවා.

ආණ්ඩුව ගමට වැඩ කරනවා කියලා රටපුරා ප‍්‍රචාරය කරල මේ කරන්න යන්නේ විශ‍්‍රාම ගියාම සරණක් වෙන්න තියෙන ඊ.පී.එෆ්. එකට විදලා සල්ලි ටික ගන්නයි. අඩම ගානේ ආණ්ඩුවට බැරිවූ රාජ්‍ය අංශයට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබාදෙන්න කියලා මේ පෞද්ගලික අංශයට කියන්න. ගිය වසරේ ඩොලර් බිලියන 15ක වාර්තාගත අපනයන ආදායමක් මෙරට ලබලා තියෙනවා. මේ අපනයන ආදායම ඉපවූයේ කොවිඞ් රෝගය වැළඳිලත් සේවය කළ ඇඟලූම් කර්මාන්තවල සේවක සේවිකාවන් නිසයි. අඩුම ගානේ ඒ වගේ පිරිසටවත් මේ රුපියල් 5000 ලබාදෙන්න මැදිහත් වෙන්න ආණ්ඩුවට බැරිවුණා.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment