ආණ්ඩුව ගෙදර යන්න – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

279

මේ වනවිට මේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය මෙන්ම දේශපාලන කරලියෙහි ද මතුව ඇති දැඩි අර්බුදකාරී තත්ත්වයකි. ආණ්ඩු පක්ෂයේම මැති ඇමැතිවරු පිරිසක් ස්වාධීනව සිටින්නට ගත් තීරණය මෙන්ම ප්‍රසිද්ධියේම ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව විචාරශීලීව කතා කරන්නට ද පෙළඹී සිටී. පසුගිය 20 වැනිදා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු- මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කළ කතාව මෙය වඩාත් තීව්‍ර කරන ආකාරයේ එකකි. පහත දැක්වෙන්නේ එම කතාවේ සංක්‍ෂිප්තයයි.

ගරු කථානායකතුමනි, මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර පසුගිය දවසක අපි මහ බැංකුව සහ මුදල් මණ්ඩලය අපි කැඳෙව්වා. අපි ප්‍රශ්න කෙරුවා මේ රුපියල පා කිරීම කොයි විදියට ද වුණේ කියලා. මම මේක ඊට කලින් පැහැදිලි කරන්න ඕනේ ගරු කථානායකතුමාගේ අවසරය ඇතුව. මේ පිළිබඳව ඇතිවූ verbatim එක කියවන්න කැමතියි ඉංග්‍රීසියෙන්. මූල්‍ය මණ්ඩල සාමාජික නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙහෙම කියල තියනවා.

Decision on the 7th march’ honorable chairman and the members it was very clear it is in its black and white that it is fixed at 230′ 230 rupees’ because we were very very conscious of the danger of a free float overnight’ so originally even the day before’ that was on the 3rd of march’ there was a discussion on as to whether it should go up to 250′ on there after to be reviewed’ so the decision is that” the bankers have shown some imperatives’ anyway the monitory board decision is for 230′.

Ajit Nivad Kabral he governor’ The governor says considering the similarity of external swaps and the recent development in the domestic front monetary board of the central bank announced the comparative policy package’ In that context greater flexibility in the exchange rate will be allowed to the market with immediate effect’.

I repeat it sir” in the context of greater flexibility in the exchange rate will be allowed to the market with immediate effect. (27 වැනිදා ඉතා පැහැදිලිවම අප තීරණය කරනවා ඩොලරයේ අගය 230 දක්වා ස්ථාවරව තියාගන්න එහෙම තියා ගත්තම අවදානමක් තිබෙන බවත් අප දැනගෙන හිටියා.)

මේ පුද්ගලයා තමයි මේක සම්පූර්ණයෙන්ම float කෙරුවෙ. මේක දැනගෙන හිටියෙ නෑ මුදල් ඇමැතිවරයා. මේක දැනගෙන හිටියෙ නෑ කැබිනට් මණ්ඩලය. අද කිසිම දෙයකට මිලක් නියම කරන්න බැරිවෙලා තියෙන්නේ. අඩු ගානේ අයි එම් එෆ් එකේ අදහස්වලටත් විරුද්ධව තනි පුද්ගලයෙක් ගත්ත තනි ඒකාධිපති හිතුවක්කාර තීන්දු නිසයි. ඒ නිසා මේ වගකීම රජය භාර ගන්න ඕනේ. ඇයි මේක කියන්නෙ නැත්තේ. මම විශ්වාස කරනවා අද මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට බලපෑම තියෙන්නෙ මේ නුසුදුසු පුද්ගලයන් පත්කිරීම. මට මතකයි එදා අපි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුවේ ඉන්දැද්දි අපේ යෝජනාවක් අනුව තමයි කුමාරස්වාමි මැතිතුමා පත් කෙරුවේ. ඒ ලියුම හැදුවේ අපේ ගෙදර මගේ දුවගේ ටයිප්රයිටරයේ. පත්කිරීම කෙරුවෙ පහුවෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එතකොට වැඩබලන මුදල් ඇමැති හිටියේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන. මේ විදියට තමයි අපි මේ ආර්ථිකයට යම් තරමක් දායක වුණේ. කිසි කෙනෙක් නොදැන තනි උද්දච්ඡ විදියට වැඩ කරන්න මේ ආණ්ඩුව එක් එක් නිලධාරීන්ට ඉඩ දීලා මේ ආණ්ඩුව අද සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නෙ. මම ඉල්ලන්න කැමතියි මේ ආණ්ඩුව අස්වෙන්න කියලා. මේක ඇති දැන්. රටේ මිනිස්සු බය වෙලා. මිනිස්සු පාරේ. තවත් මොනවද මේ කියන්නේ. තව මොනවා කතා කරන්නද. කරුණාකරලා අපි යෝජනා කරලා තියෙන විදිහට අන්තර්වාර සභාවකට මේක දෙපැත්තෙන්ම භාරදෙන්න පාර්ලිමේන්තුවේ. ඒ පැත්තට වඩා හොඳ මිනිස්සු මේ පැත්තෙ ඉන්නවා. ඒකයි ඇත්ත කතාව. අපි හතළිහක් වෙන් වුණේ ඒකයි. ඇත්ත කියන්නේ නැති බොරු කියන හැමදාම රවට්ටන මේ පුද්ගලයෝ එක්ක මේක කරන්න බෑ. ඒ නිසා ගරු කථානායකතුමනි මේක තේරුම් ගන්න. රට තවදුරටත් අමාරුවෙ දාන්න එපා. මේ ආණ්ඩුවේ අයට මං අවංකව කියන්න කැමතියි මේ කැබිනට් මණ්ඩලය මාරු කිරීමෙන් නෙවෙයි මේක කරන්න ඕන. සියලු දෙනාම එකතුවෙලා අන්තර්වාර කැබිනට් මණ්ඩලයක් පත් කරලා ඒ හරහා කළ යුතු ව්‍යවස්ථාමය සංශෝධන කරලා තමයි අපි මෙතනට යන්න ඕන. මේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින්න එපා. කරුණාකරලා පය බරවායට බේත් බඳින්න. මේ පාර්ලිමේන්තුවට දැන් කිසිම වගකීමක් නැහැ. අඩුගානේ මං කියන්න කැමතියි. අස්වෙච්ච කැබිනට් ඇමැතිවරු දෙවැනි පේළියට ගිහිල්ලා, රාජ්‍ය ඇමැතිවරු තුන්වෙනි පේළියට ගිහිල්ලා, කොහොමද එහෙම වෙන්නේ. මේක නවත්තන්න. මේක ඇති දැන්. මේක අපේ රට. මේක අගමැතිවරයාගේ රටක්වත් මේක ජනාධිපතිවරයාගේ රටක්වත්, රාජපක්ෂවරුන්ගේ රටක් වත් නෙවෙයි. මේක අපේ රට. මේක තේරුම් ගන්න. මං මෙහෙම කවදාවත් කතා කරල නැහැ. මම ආපහු කතා කරන්නෙත් නෑ. කරුණාකරලා මේක තේරුම් ගන්ඩ. ඔබට අයිතිවාසිකමක් නෑ පවුලකට පාලනය භාර දීලා බුදියගෙන ඉන්න. මේක තේරුම් ගන්න. මේක ඉවරයි දැන්. ඊට වඩා මං මේ ගැන කතා කරන්නේ නෑ ගරු කථානායකතුමනි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

● සභා නායකතුමා බාධා කරයි

ගරු කථානායකතුමා මම වෛරයෙන් කතා කරන්නෑ. මම හැමදාම කියන්නේ මේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින්න එපා කියලා. මගේ තර්කය තේරුම් ගන්න. ආපහු තර්කය වැරදි පැත්තට ගෙනියන්න එපා. මම කිව්වේ නිලධාරීන්ට ඕනෙ විදියට හොයා බලන්න නැතිව වැඩ කරන්න දීලා මුදල් ඇමැතිවරු, භාණ්ඩාගාර ලේකම්වරු, ජනාධිපති ලේකම්වරු, ආණ්ඩුව අතට අරගෙන වැඩ කරල අද සම්පූර්ණයෙන් මේ රට විනාශ කිරීමේ වගකීම ඔබතුමන්ලා භාර ගන්න ඕනේ කියන එකයි මං කිව්වේ. වෙන එකක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. මට වෙන දෙයක් කියන්න ඕන නෑ. අපිට වගකීමක් තියෙනවා ගරු කථානායකතුමනි රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මේ රට විනාශ කිරීමේ වගකීම පිළිබඳ වගකීම භාරගන්න නැති එක ගැන. අපිට කේන්තියක් තියෙනවා. ඒ වගකීම භාර අරගෙන කටයුතු කරන්න. ආණ්ඩුව ගෙදර යන්න. රට භාර දෙන්න පාර්ලිමේන්තුවේ මුළු පාර්ලිමේන්තුවම එකතුවුණු කණ්ඩායමකට මේ කැබිනට් මණ්ඩලය භාර දෙන්න. අද ගිනි තියෙනවා මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට. මේක තමයි රටේ තත්ත්වය. හැංගිල ඉඳල මේක විසඳන්න බෑ. එළියට ඇවිල්ලා ඇත්ත කියන්න. මේ නිසා මං විශ්වාස කරනවා. අපේ ආණ්ඩුවට ඥානය පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment