ආණ්ඩුව ඩොලර් අර්බුදයක ගිලිලා – රනිල්

152

ආණ්ඩුව ඩොලර් අර්බුදයකට ලක්ව සිටින බවත් ආණ්ඩුවට දැන් ඩොලර් ගෙවාගන්න බැරුව කොළඹ වරායට පැමිණි තෙල් නැවක් හිර වෙලා තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14දා) පැවසීය.

ඩොලර් නොගෙව්වොත් මේ නැව තෙල් ටිකක් අරගෙන යන්න යාවි යැයිද රටේ වත්මන් ආර්ථික අර්බුදය ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේය.

වැඩිදුරටත් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

වත්මන් ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟවීම ප්‍රධාන කොටගත් ආර්ථික අර්බුදයක සිරවෙලා ඉන්නවා. මේ වන විට අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 400 යි. වසර මැද භාගයේදී බැඳුම්කර ණය ලෙස ඩොලර් කෝටි 100 ක් ගෙවීමෙන් පසු භාණ්ඩාගාරයේ ඉතිරි වන්නේ ඩොලර් කෝටි 300 ක සංචිතයක් පමණයි. එයට අමතරව තෙල් සංස්ථාව නොගෙවූ ඩොලර් බිල්පත් වටිනාකම ලෙස ඩොලර් කෝටි 130 කුත් සිරවී තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment