ආණ්ඩුව ණයටත් උත්සව තබන බව විපක්ෂ නායක කියයි

163


ණයට ලැබුණු ඩිසල් නැවක් පිළිගැනීමට රජයේ ඇමැතිවරු දෙදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් පළමු වතාවට උත්සවයක් පැවැත් වූ රට බවට ශ‍්‍රී ලංකාව ඉතිහාස ගතවන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ගම්උදාව, මහවැලි සංවර්ධන ව්‍යාපාරය, ඇඟලුම් කම්හල් දෙසීය වැඩසටහන දරුවන්ට නිල ඇඳුම් බෙදා දීම වැනි කටයුතු වෙනුවෙන් උත්සව පැවැත්වූ රටේ ණයට ලැබුණු ඩිසල් නැවක් පිළිගැනීමට උත්සව පවත්වන තැනට රට ප‍්‍රපාතයට ඇදවැටී ඇතැයිද විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහනෙහි 45 වැනි පියවර ලෙස කල්මුණේ රෝහල වෙත රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment