ආණ්ඩුව ධනවතුන්ට  බදු සහන දීමෙන් රාජ්‍ය ආදායම කඩා වැටුණා

110

රටේ සිදුවන ඇත්ත නැත්ත කුමක්ද කියා ජනතාව හොඳින් දන්නා බවත් ඇත්ත නැත්ත දන්න ජනතාවට රැවටීමට කිසිවකුට නොහැකි බවත් මහතා පැවසීය.

ආණ්ඩුවක් පැමිණ විගසම ධනවතුන්ට බදු සහන ලබාදීම හේතුකොටගෙන රාජ්‍ය ආදායම කඩාගෙන වැටුණු බව පැවසූ විපක්ෂ නායකතුමා අද පවතින ඩොලර් හිඟයට එය හේතුවක් බවද පැවසීය.

තිස්සමහාරාම රන්මිණිතැන්න කිරිගොවින් මුහුණ දෙන ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (01 දා) එම ප‍්‍රදේශයට පැමිණියේය. එම ජනතාව මුහුණදෙන ගැටලූ පිළිබඳව එහිදී ඔවුන් විපක්ෂ නායකයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

පසුගිය දවසක ජනාධිපතිතුමයි අගමැතිතුමයි කියනවා රටේ ප‍්‍රශ්නවලට ලොකුම හේතුව විපක්ෂයලූ. එතකොට ඔක්කොම වැරදි කරලා තියෙන්නේ සජිත් පේ‍්‍රමදාසයි සමගි ජන බලවේගයයි. අපි තමයි ගඟට මුට්ටි විසි කළේ, එන්නත් ගේන්න එපා කියලා. ඒ කියන විදිහට එන්නත වෙනුවට පැණිය බොන්න කියලා ප‍්‍රචලිත කළේ අපි. ආණ්ඩුව නෙමෙයි. කොරෝනා පරීක්ෂණ කට්ටල්වලින් ගසා කෑවේ අපි. ආණ්ඩුව නෙමෙයි. ගෑස් පෝලිම, පුපුරණ ගෑස්, කාබනික

වගාවක් කඩිමුඩියේ ගෙනල්ලා ගොවිතැන විනාශ කළෙත් සජිත් පේ‍්‍රමදාස. මේ ආණ්ඩුව නෙමෙයි. සීනි, සුදුලූනු, පොල්තෙල් වංචා තියෙන ඔක්කොම වංචා ටික කරලා තියෙන්නේ සජිත් පේ‍්‍රමදාසයි සමගි ජන බලවේගයයි. මේ ආණ්ඩුව නෙමෙයි. මේ ආණ්ඩුව හොඳටෝම කරලා තියෙනවා.

මේ තෙල් ප‍්‍රශ්නයට, ඩොලර් ප‍්‍රශ්නයට අපිට විසඳුමක් ලබාගන්න පුළුවන් ජාත්‍යන්තරයත් එක්ක සුහදව කතා කරලා. කොරෝනා සමයත් සමග විපක්ෂයේ අපි ආරම්භ කළා වැඩසටහන් දෙකක් ‘හුස්ම සහ සක්වල’ යනුවෙන්. හුස්ම වැඩසටහනට චීන ආණ්ඩුව මගින් ආධාර දුන්නා රුපියල් ලක්ෂ 200ක මුදලක්. ණයක් නෙමෙයි. ආධාර. ණය ගන්න අපි සූදානම් නෑ. විපක්ෂයක් හැටියට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරලා ආධාර ගන්න අපිට පුළුවන් නම් රාජ්‍ය බලයත් එක්ක රට වැටී තිබෙන තැනින් ගොඩ ගන්න ආණ්ඩුව දැන ගන්න ඕන.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment