ආණ්ඩුව පන්නන්න අද-හෙට රට පුරා විරෝධතා – වසන්ත සමරසිංහ

210

අයවැයෙන් ජනතාවට සහන නොලැබෙන නිසා ආණ්ඩුව ගෙදර යැවීමේ විරෝධතා මාලාවක් අද සහ හෙට (5 හා 6) රට පුරා දියත් කරන බව වෘත්තීය සමිති සබන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.

වරාය, විදුලිය, ජලය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මුල්කරගෙන ආයතන මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා පවත්වන බවත් ඉන් අනතුරුව ගනු ලබන තීරණ අනුව ආණ්ඩුව ගෙදර යනතෙක් විරෝධතා දැක්වීමට අදහස් කරගෙන සිටින බවත් ඒ මහතා කීය.

අයවැය ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් ජය ගත්තත් ඉන් යහපතක් නොවන බවට ජනතාව දැනුවත් කරමින් ආරම්භ කරන විරෝධතා මාලාව ඉදිරියට ගෙන යෑමට සියලු දෙනාගේම සහය ලබාගන්නා බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment