ආණ්ඩුව පොහොර ප‍්‍රතිපත්තිය  වෙනස් කරන්න හදනවා – පුබුදු ජයගොඩ

198

ප‍්‍රමිතියෙන් තොර පොහොර රටට ඇතුළුවීමට හැකිවන පරිදි ආණ්ඩුව රටේ පොහොර ප‍්‍රතිපත්තිය වෙනස් කරමින් සිටිනවා යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

එය සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි තමන් සතුව තිබෙන බව ද හෙතම කියා සිටියේය.

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජන

පෙළගැස්ම වැඩසටහනේ රත්ගම මංසන්ධියේ 27 වැනිදා පැවැත්වූ රැුස්වීමේදී ඔහු එසේ කියා සිටියේය.

මෙහිදී පුබුදු ජයගොඩ මහතා මෙසේද කීය. ලංකාවට ඕන ඕන විදිහට පොහොර ගෙන්වන්න දෙන්නේ නැහැ. ප‍්‍රමිතියෙන් තොර හින්දයි චීන පොහොර නැව ආපසු හරවා යැව්වේ. දැන් මේ ආණ්ඩුව හදන්නේ පොහොර ප‍්‍රමිතිය වෙනස් කරලා රට තුළට ප‍්‍රමිතියෙන් තොර පොහොර එන පරිසරය හදන්නයි.

අපි සාමාන්‍යයෙන් පොළේ ගියාම බණ්ඩක්කා ගන්න විටත් කරලේ නැට්ට කඩලා බලනවා. මෝරලද නැද්ද කියලා. එහෙම ප‍්‍රතිපත්තියක් රටට පොහොර ගේනවිට මේ ආණ්ඩුවට නෑ.

දැන් මේ ආණ්ඩුව අලූත් නීතියක් සම්මත කරනවා. ප‍්‍රමිතියක් හදනවා. අලූත් ප‍්‍රමිතියට අනුව ලංකාවට ගෙන්වන කොම්පෝස්ට් හෝ ඕනෑම පොහොර විශේෂයක් ඒක පරීක්‍ෂා කරන්න හරි ඒක නිරෝධායනය කරලා කියන්න හරි ඒකේ ක්‍ෂද්‍ර ජීවීන් ඉන්නවද කියලා හරි බලන්න ඕනේ නැහැ. විශේෂ පොහොර කියලා වර්ගයක් යටතේ ඕන කුණු ගොඩක් ගෙනැල්ලා ලංකාවේ පරිසරය විනාශ කරලා, ජනතාවගේ සෞඛ්‍යත් අවදානමේ හෙලලා කෘෂිකර්මාන්තයත් මුළුමනින්ම විනාශ කර දමන තීරණවලටයි නීතියක් සම්මත කරමින් තියෙන්නේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment