ආණ්ඩුව භාරගන්න ජවිපෙ සූදානම්ලු

454

දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති රට ගොඩනැගීම සඳහා ආණ්ඩුව භාර ගැනීමට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර කියා සිටියේය.ඒ සඳහා කෙටි කාලයකට අගමැතිධූරත්, අවශ්‍ය කැබිනට් මණ්ඩලයත් පත්කරගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවත් හෙතෙම කීවේය .එසේ වුවහොත් ඉතාම කෙටි කාලයක් තුළ ඉන්ධන ගෑස් විදුලිය අධ්‍යාපනය අත්‍යවශ්‍ය ආහාර කෘෂිකර්මාන්තය ඇතුළු රටේ මූලික ප්‍රශ්න වලට විසඳුම් ලබාදෙන බවත් හෙතෙම අවධාරණය කර සඳහන් කළේය . පාලකයන් නිසි තීන්දු තීරණ ගත්තේ නම් මෙතරම් ආගාධයකට රට නොයන බවත් කී හෙතෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඔවුන්ට සැලසුමක් නොතිබූ බවත් චෝදනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment