ආණ්ඩුව භුක්ති විඳින්නේ ජාතිවාදය හා ආගම්වාදය වැපිරීමේ සාපයයි – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

129

ආණ්ඩුව අද භුක්ති වි`දිමින් සිටින්නේ ජාතිවාදය-ජාතිභේදය, ආගම්වාදය-ආගම්භේදය වැපිරීමේ සාපය බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේබැව් පැවසූවේ දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක‍්‍රියාත්මක ‘‘සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු”සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන ‘‘සක්වල” වැඩසටහනෙන් 07 වැනි අදියර යටතේ රුපියල් හත්ලක්ෂ පනස්දහසක් වටිනා සුහුරු පන්ති කාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ බෙදාදීමේ වැඩසටහන යටතේ පෙරේදා (08දා) මන්නාරම එරුක්කලම්පිඞ්ඩි මහලීර් මුස්ලිම් විද්‍යාලයට පරිත්‍යාග කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

මැතිවරණයට පෙරාතුව රටේ ජනතාව අතර භේදභින්න ඇති කළ ආණ්ඩුව අද එයින්ම විනාශයට පත්වෙමින් සිටිනවා. නැති බැරි කම මෙන්ම මන්ද පෝෂණයද ඉහවහා ගිය රටක් මේ වන විට නිර්මාණය වී ඇත. රටේ ¥ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට විස`දුමක් දෙන්නට බැරි ආණ්ඩුව මන්දපෝෂණයට විසඳුමක් දෙන්නේ කෙසේදැයි මා විමසනවා.

ජාතික පෝෂණ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැඩිව මේ දිනවල දැනෙමින් පවතිනවා. සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ එය අනිවාර්යයෙන් ඉටු කරනවා.

අකිත පෙරේරා

 

advertistmentadvertistment
advertistmentadvertistment